Home Uncategorized සුන්දර හිනාවකට හිමිකම් කියන ඔබේ දත් පෙළෙන් කියවෙන රහස් මෙන්න..

සුන්දර හිනාවකට හිමිකම් කියන ඔබේ දත් පෙළෙන් කියවෙන රහස් මෙන්න..

0
64

දත් දෙපළෙන් කියවෙන රහස් ගැන දන්නවද ?
හිනාවකින් කියැවෙන බොහෝ දේ තිබෙනවා…

ඉපැරණි පොත්පත් වලින් ඒ ගැන බොහෝ කාරණා හෙලිදරව් වෙනවා … අද කතා කරමු ඒ ගැන…

ලියන් සුරූපිනියන් කරන ප්‍ර්‍රධාන අංග අතර දත් දෙපළ මුල් තැන ගනී.

ලොව වෙසෙන සතුන් අතර සිනහසිය හැකි එකම සත්ත්වයා මිනිසාය.

සිනාසෙන විට දත් දෙපළෙන් ලැබන්නේ මහඟු මෙහෙයකි.

දත් දෙපළ පිහිටි ආකාරය, එම දත්වල හැඩය, දත්වල වර්ණය යන මේවායින් මුවගට ලස්සනක්, සිරියාවක් ලැබෙනවාත් සමගම එහි ඇති ගුණ අගුණද පිටතට දෘෂ්‍යමාන වේ.

ලඳකගේ සුන්දරත්වයෙන් පිරි සිනහව තුළින් විවර වන දත් දෙපළෙන් කියවෙන ඇගේ ගති ගුණ පුරාණ සෘෂිවරුන් පවසා ඇත්තේ මෙසේය.

යම් ස්ත්‍රියකගේ දත් උල්ව පිහිටයි නම් එවන් ස්ත්‍රීන් තම සැමියාව නිතර සැක කරයි.

සැමියාව පිට මිනිසුන් ඉදිරියේ විවේචනය කරයි. පුද්ගලයන් ඉදිරියේ තම සැමියාව හාස්‍යයට ලක් කරයි. සැමියා කරන කටයුතු අවඥවට ලක් කරයි. නිතර සැමියාට විරුද්ධව ක්‍රියා කරයි. මොවුන්ගේ විවාහ ජීවිතය ගැටලු, ප්‍රශ්න රණ්ඩු වලින් පිරුණු එකකි. මෙවන් ස්ත්‍රීන් බොහෝ ධනවත් වේ.

උඩු ඇන්දේ පමණක් දත් දුරින් පිහිටි ස්ත්‍රිය

තම සැමියාව නිතර වරදෙන් මුදා ගැනීමට උත්සාහ කරයි. නමුත් මෙවන් ස්ත්‍රීන්ගේ සැමියන් වරදට පෙළඹෙන නැති නාස්ති කරන අයෙකි. ගේ දොර සාමය බිඳ වැටී සමාජයෙන් අපහාස අපවාද විඳීමට සිදුවේ. නමුත් ජීවිතයේ අගභාගය සැප සහිතව ජීවත්වේ.

මනාව පිහිටි දත් දෙපළක් මතින් නල දත් තිබීම..

ස්‌ත්‍රියකට ඉතා වාසනාවන්ත පිහිටීමකි. මෙවන් ස්ත්‍රීන්ට යස ඉසුරු ලැබී. සමාජයෙන් ගෞරව, ප්‍රශංසා ලැබීම සිදුවේ. අනුන්ව තමන්ගේ බසට නතු කර ගත හැකි මෙවන් ස්ත්‍රීන් දූ දරුවන්ගේ ආදර ගෞරවයට නොඅඩුව පාත්‍ර වේ.

යටි ඇන්දේ දත් පළල්ව පිහිටි ස්ත්‍රිය

අත්තනෝමතිකව ක්‍රියාකරන මුරණ්‌ඩු ගති බහුල කලහකාරී ස්‌ත්‍රියකි. මෙවන් ස්‌ත්‍රීන් නිවස තුළ සිය ආධිපත්‍යය පතුරනවා මෙන්ම තමා සැමියාවද කටින් බයකර ගනී. විලිබිය නැතිකම මෙවන් ස්‌ත්‍රීන්ගේ කැපී පෙනෙන අංගයකි.

පැළ ඉනි සිටෙව්වා මෙන් දත් අතර හිඩැස් ඇති ස්ත්‍රිය,

අනාචාරයේ හැසිරෙන කාමාධික ස්ත්‍රියකි. කුඩා කලම විලිබිය නැතිකර ගන්නා මොවුන් නිදහස උපරිම වශයෙන් භුක්ති විඳියි. මෙවන් ස්ත්‍රීන්ගේ විවාහය අනිවාර්යයෙන් අසාර්ථක වේ. සැමියා හැරගොස් හුදෙකලාවේ ජීවත්වීමට සිදුවේ. චර්යා රටාවේ ඇති නරක නිසා දෙමාපිය නෑ හිතමිතුරන්ගේ දෝෂාරෝපණ වලට ලක්වේ.

උඩු ඇන්දේ දත් පළල්ව පිහිටීම

මෙවන් ස්ත්‍රීන් බුද්ධියෙන් අඩුය. මොවුනට ආර්ථික අපහසුතා ජීවිතය පුරාවටම ඇති වේ. සැමියාගෙන් ආදරය කරුණාව නොලබන මොවුන්ගේ නිවස අඩදබර වලින් පිරි එකකි. තම මවට අගුණ ගෙන දෙන පිහිටීමකි.

උපතින්ම දත් කහපාට හෝ රන්වන් පාට නම්

මෙවන් ස්ත්‍රීන් මුළු ජීවිතේම නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙන අයවේ. පොහොසත් තැනක උපත ලැබුවද දිනෙන් දින දිළිඳු වේ.

දත් කෑලි සහිත නම්

මෙවන් ස්ත්‍රීන්ද බොහෝ අග හිඟකම් ඇති අයවේ. දිළිඳු කමේ උපරිමයටම යන අය වේ.

දත් 32 කම මනාව පිහිටි ස්ත්‍රියගේ ජීවිතය වාසනාවෙන් පිරි එකකි. යස ඉසුරු හිමිවන පෙර පින් ඵලදෙන මුළු ජීවිතේම සතුටින් කල් ගෙවන ස්ත්‍රියකි.

දත් තොල් වලින් ඉවතට පැමිණි ස්ත්‍රිය (බොල්ලෑ ස්ත්‍රිය)
මෙවන් ස්ත්‍රීන්ගේ ජීවිත කරදර වලින් පිරි එකකි.

මොවුන්ට දරුවන්ගෙන්ද සහනයක් නැත. දරුවන්ද කරදරකාරී අය වේ.

ඉදිරිපෙළ දත් අතරමැද හිඩැස් ඇති ස්ත්‍රිය
බොහෝ විට දුක් කම්කටොලු වලට මුහුණ දෙයි. සැමියා ඵල නොදෙන පිහිටීමකි. සැමියාටද බොහෝ කරදර බාධක ඇතිවේ. මොවුන්ගේ විවාහය අසාර්ථකය.

යටි ඇන්දේ දත්

යටි ඇන්දේ දත් වැඩියෙන් පිහිටි ස්ත්‍රියගේ මවට ඉතා අපලය. මෙවන් ස්ත්‍රීන්ගේ මව මිය ගොස් හෝ හැරගොස්ය. යම් හෙයකින් සිටියද මැයට සලකන්නේ පිට දරුවකුට මෙනි.

යටි ඇන්දේ දත් අක්‍රමවත්ව පිහිටි ස්ත්‍රිය කිසි දිනක විශ්වාස කළ නොහැක. දෙබිඩි චරිතයකි. මෙවන් ස්ත්‍රීන් බොහෝ විට වැන්දඹුවන් වේ. නොඑසේ නම් සැමියා හැරගොස් ඇත.

දත් ඉතා තුනී වීම

මෙවන් ස්ත්‍රීන් ඉතා හිතුවක්කාර ගති පෙන්නුම් කරයි. මොවුන් ඉතා මුරණ්ඩුය. ජීවිතය අවුල්කර ගනී.

නිදන විට දත්කූරු කන ස්ත්‍රිය

සමාජයෙන් නින්දා අපහාස ලබන අතර තම සැමියාට නොසලකයි. වදහිංසා පමුණුවයි. අවස්ථාවන් ලද හොත් සැමියා නැසීමට වුවද පසුබට නොවේ.
උපුටාගැනීමක්

Previous articleහදවත රත්තරන් …ගැයූ ගී ඉස්තරම්…ඉස්තරම් ගී ගයමින් සදා අමරණීය මතකයන් අප හද තුල තැනූ අමරණීය ජෝති අපෙන් සමුගෙන ගොස් අදට වසර 38ක්..
Next articleකාගෙත් හිත් වසග කරන හිනාවක් එයාට තියෙන්නේ..දවසින් දවස ලස්සන දිනක්ෂිගේ හැඩ බලන්නකෝ…
error: Content is protected !!
Verified by MonsterInsights