වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් සහ විලියම් කුමරු ඊයේ පැවති රාජ්‍ය භෝජන සංග්‍රහයකට එක්ව තිබුණා.
ඒ, චාල්ස් රජු සහ කැමිලා රැජින ප්‍රමුඛ රාජකීය පවුලේ සාමාජිකයන් සමඟ එක්වයි.
මෙම භෝජන සංග්‍රහය එක්සත් රාජධානියේ රාජ්‍ය සංචාරයක නිරත වූ ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් සහ ඔහුගේ බිරිඳ වන බ්‍රිජිට් මැක්‍රොන් හට ගෞරව දැක්වීම සඳහා පවත්වන ලද්දකි.
මෙහි විශේෂත්වය නම් මෑතකාලීනව ලද තාවකාලික විරාමයකට පසුව, වේල්සයේ කුමරිය ඔටුනු පැළඳ සිටීමයි.
විලියම් කුමරු සමඟ 2011 දී විවාහ වූ දා සිට, කේට් කුමරිය රාජකීය එකතුවේ වන විවිධ ඔටුනු හතරක් විවිධ වූ අවස්ථාවන්හිදී පැළඳ ඇත.
ඇය අවසන් වරට රාජ්‍ය භෝජන සංග්‍රහයට සහභාගී වීම සිදුවූයේ 2023 නොවැම්බරයේදීයි. ඒ දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ සහ ආර්යාවගේ රාජ්‍ය සංචාරය අතරතුරදීය.
කේට් කුමරියගේ ඔටුනු පැළඳීමේ විරාමයට වැඩි වශයෙන් හේතු වූයේ, 2024 වසරේ ඈ වැඩි කාලයක් පිළිකා ප්‍රතිකාර කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රසිද්ධියෙන් බැහැරව සිටීමයි.
2024 දෙසැම්බරයේ පැවති කටාර් රාජ්‍ය සංචාරයේදී වේල්සයේ කුමරිය ඔටුන්නක් නොපැළඳ සිටියද, ඇය එම අවස්ථාවට සහභාගී විය.









