Home දේශිය පුවත් රස කෑම ගොඩාරියක් කාලා චුට්ටං බන්ඩිගෙඩිය ලොකූවට පුරවං හයිය මනුස්සයෙක් වෙන්ට මයෙ...

රස කෑම ගොඩාරියක් කාලා චුට්ටං බන්ඩිගෙඩිය ලොකූවට පුරවං හයිය මනුස්සයෙක් වෙන්ට මයෙ පුතේ.” කසුන් – මාදවීගේ පුංචි කෛලාෂ්ට එදා සුවිශේෂී දිනයක්..!

0
78

‘ඉඳුල් කටගෑමේ චාරිත්‍රය’ කියන්නෙ පුරාණෙ ඉඳන් මේ තාක් සවාසනාවක් හැටියට ඉදිරියට ආපු අපේ අසිරිමත් සිරිතක්. මව්කිරි විතරක් බොමින් හැදී වැඩුණු කිරි දරුවට ඝන ආහාර කවන්ට පටන්ගන්නෙ මෙතැන ඉඳන් තමයි. ආහාර කියන්නෙ ජීවිතේක මූලිකම දේ වෙච්චි. ආං ඒකයි මේ සුබ මොහොත මෙතරම්ම වටින්නෙ.

කෛලාෂ් පුතාගෙ අම්මයි, ආච්චම්මයි, ආත්තම්මයි එක්ක එක්කහු වෙලා මේං මෙහෙමයි ඒ සුබ මොහොත මං බෝම ආදරෙන් ගතකළේ.

මේ චාරිත්තරේ වෙනුවෙන් පුතාගෙ වේලපත්කඩේ බලාලා, සුබ නැකැත් වෙලාව හදාලා, ගන්ටෝනෙ කලමනා අඩුම කුඩුම ආදිය ගැන – තියන්ටෝනි දේවල් ගැන එකක් නෑර කියාලා, පුතා උපන්දා පටං අපි එක්කලා ‘පංචායුධයක්’ වගේ ඉන්න නක්ෂත්‍ර ශාස්ත්‍රාලිය තමයි ‘අනූෂා කුලතුංග මීගස්දෙණිය’ අක්කා. විශ්වාසය වගේම ආදරය බෝ පිරිච්ච ඈට බෝම පිං 🙏

ජීවිතේ පුරාවට ලෝකෙ අසමසම රස කෑම ගොඩාරියක් කාලා චුට්ටං බන්ඩිගෙඩිය ලොකූවට පුරවං හයිය මනුස්සයෙක් වෙන්ට මයෙ පුතේ.

ඒ විතරක් නෙමෙයි,

බඩගින්නෙ ඉන්න ඕනිම කෙනෙක්ට තමන්ගෙ බත්පත එහෙම්පිටින්ම දෙන්ට කවදාවත් දෙසැරයක් හිතන්ට එපා මයෙ පුතේ !

| අප්පච්චී

📸 Sashane Mihiranga

Previous articleනුවර එන ඔයාලා වෙනුවෙන් විවෘත වූ ඇහැලේපොල වලව්ව ගැන ඇසෙන කතාව මෙන්න
Next articleදෙවියනේ මෙහෙමත් මිනිස්සු..! ඉපදිලා දවසයි. කිරි කැටි බිළිදා වෙල්යායකින් සොයාගනී ! කුරුණෑගලින් ඇසෙන හද පාරවන කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights