Home දේශිය පුවත් “ආශිර්වාද කරපු හැමෝටම ස්තූතියි” සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව ගැන කමල් අද්දරආරච්චි කියන...

“ආශිර්වාද කරපු හැමෝටම ස්තූතියි” සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව ගැන කමල් අද්දරආරච්චි කියන කතාව…

0
72

 

කමල් අද්දරආරච්චි කියන්නෙ රිදී තිරයේ අතිශය ආන්දෝලනාත්මක මෙන්ම වෙනස්ම විදිහේ චරිත නිරූපණය කළ හැමෝම ආදරය කරන අතිදක්ෂයෙක්.

රංගනයට අමතරව ඔහුගේ ගීත ගායන හැකියාවටද බොහෝ දෙනෙක් ආදරය කරනවා.

මේ අතරේ සමාජ මාධ්‍යයේ ඔහු පිළිබදව හුවමාරු වුණු වීඩියෝවකින් ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක් දැඩි කම්පනයට පත් වුණා.

එම විඩියෝවෙන් දැක්වුණේ මේ අසහාය කලාකරුවා අසාධ්‍යය තත්ත්වයින් පසුවන බවටයි.

එයින් ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක් දැඩි ව්‍යාකූලත්වයට පත්වුණා වගේම ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද එක්කර තිබුණා.

කොහොම වුණත් එම වීඩියෝව ගැන කමල් අද්දරආරච්චි මහතාද වීඩියෝවක් සිය මුහුණු පොතට එක්කර තිබෙනවා.

”මේක සමාජය කළඹන බොරු ආරංචියක්. ඒකට මම ඔබෙන් සමාව අයදිනවා. මට නෙමෙයි ඒ පොස්ට් එක දාපු කෙනාටයි අසනීපය තියෙන්නේ. මට සමාවෙන්න… හැමෝටම ආදරෙයි… මේක ගීතයක රූගත් කිරීමක් අතරතුර ගත්ත වීඩියෝවක්…. මම යළිත් කියනවා…මට සමාවෙන්න ඔබ අපහසුතාවට පත් වුණානම්. මට තේරුනා කොච්චර පිරිසක් මට ආදරේද කියලා…”

Previous article“අන්න මදුවත් යන්නම ගිහින්… මම නොඑන්නම ගියදා ඇත්තටම ඔබ මොනව ලියයිද…” – මධු මාධව මුහුණු පොතට එක්කළ සටහන…
Next article“මේ නිසයි මම ජිවත් වෙන්නෙ…” – ගයාත්‍රිගෙන් ආදරණීය සටහනක්…
error: Content is protected !!
Verified by MonsterInsights