Home දේශිය පුවත් සියලු රජයේ ආයතනවලට මැයි 31න් පසු තහනම් වෙන දේ මෙන්න…

සියලු රජයේ ආයතනවලට මැයි 31න් පසු තහනම් වෙන දේ මෙන්න…

0
3240
රාජ්‍ය අංශයේ රැකියාවල නියුතු ඔබ මේ වෙනකොටත්  ඒ ගැන දැනුවත්ද..?
සියලුම රාජ්‍ය ආයතනයන්හි තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය එළැඹෙන මැයි 31 දින සිට නතර කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දන්වා තිබෙනවා.

අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව දැනුවත් කරමින් පසුගිය 15 වැනිදා විශේෂ චක්‍රලේඛයක් මගින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දන්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව එළැඹෙන මැයි 31 වැනි දිනෙන් පසුව සියලුම රාජ්‍ය ආයතනයන් හී ප්ලාස්ටික වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය සම්පූර්ණයෙන් තහනම් වෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

Previous articleවිවාහය ඇයගේ මරණයට හේතුවක් වුණාද..? සුරූපී නිළියක් සියල්ලන් හඬවමින් ජීවිතයෙන් සමුගනී..
Next articleඑතන මිනිස්සු දාන්න එපා කියද්දිත් වතුරට දැම්මෙ රස්සාවට නොගියොත් ඒ දවසත් බඩගින්නෙ ඉන්න වෙන නිසා. ”අඳුරන්නෙවත් නැති කොල්ලෙක් වෙනුවෙන් ජිවිතඅවදානමත් ගෙන වතුරට පැනපු ඒ කොල්ලෝ ටික තමා සැබෑ වීරයෝ..
error: Content is protected !!
Verified by MonsterInsights