Home දේශිය පුවත් “පුතා කුසේ ඉද්දිත් අම්මා ස්ටේජ් නැගලා සිංදු කියනවා..! කාලයක් ඩෙනිම් ඇදල, රොක්...

“පුතා කුසේ ඉද්දිත් අම්මා ස්ටේජ් නැගලා සිංදු කියනවා..! කාලයක් ඩෙනිම් ඇදල, රොක් විදියටත් ගී ගැයුවා” Kids Star කිරුළ දිනූ වොනාල් ගැන ඇහෙන වෙනස්ම කතාව…

0
113

 

කවුරු හරි පොඩි දරුවෙක් හිතා ගන්න බැරි විදියේ දක්ෂතා දක්වන කොට අපි හැමෝම ඒ් දිහා උනන්දුවෙන් බලනවා වගේම ඒ් ගැන හොයනවා.

හිරු කිඩ්ස් ස්ටාර්ස් ( Kids Star) තරගයේදී එහෙම දක්ෂතා දක්වපු වොනාල් අභිෂේක පුතා ගැනත් බොහෝ දෙනා හොයන්න උනන්දු වුණේ ඔහු මේ තරගයට ඇතලු වුණ දා ඉදලමයි.

ඒ් තරමටම මේ දරුවා හිරු ස්ටාර් වේදිකාව ගායනයෙන් දෙවනත් කළා ඇත්තටම මේ සුපිරි දක්ෂතා ඔහුට දක්වන්න හුරු පුරුදු කළේ කවුද?

“ඇත්තටම එයාට එහෙම සංගීත ගුරුවරයෙක් නම් හිටියේ නැහැ. කුඩා කාලයේ ඉදළම පුතාට ඇහුවේ එයාගේ අම්මත් මමත් ගෙදරදි ගායනා කරන ගීත. අපේ පුතා වයස අවුරුදු තුනේ ඉදළම ඉතින් වචන ගලප ගලප සිංදු කිව්වා. ඊට පස්සේ රොක් ගායකයෙක් විදියට ඒයාටත් වඩා ඩෙනිම් කලිසම් ෂර්ට් ඇදල, සන්ග්ලාස් දාලා, සපත්තු දාගෙන රොක් ස්ටයිල් එකටත් සිංදු කියන්න ගත්තා. ඒ්වා අපේ විදිහේ ඒ්වා නෙමෙයි. ඔය ඇහෙන දකින එක එක විදිහේ ගීත.

අන්තිමට අපි පුතාට ඒ්වා කියන්න එපා කියල හරවත් ගීත ගයන්න හුරු කළා. එහි සුබවාදී ප්‍රතිඵල තමයි අද පුතාගේ අම්මා තාත්තා හැටියට අපි ඉහළින්ම භුක්ති විදින්නේ. අද වෙද්දි පුතා කියන්නේ , ඒ් වගේම අහන්නේ හරවත් ගීත.පවතින ගීත. ඒ් තරමටම ඔහු දැන් හොද ගීතවලට හුරු වෙලා. ඒ්ක ගැන අපිටත් සතුටුයි.”

වොනාල් පුතාගේ තාත්තා දීප්ත ප්‍රියංකර කියනවා.. මේ පුතාගේ තාත්තාත් හොද ඩ්‍රම්ස් වාදකයෙක්. අම්මා නදීෂා සංකමාලිත් ගායනයට අති දක්ෂයි. ඇය මීට පෙර මෙවැනිම රියැලිටි තරගයක අවසානය දක්වා ආවා.

එදා ඇයට ඒ් තරගයෙන් ඉදිරියට යන්න නොහැකි වුණත් වසර කීපයකට පසු ඇගේ පුතා රියැලිටි කිරුළක් ගෙදරට අරන් ආවා.. ඉතින් මේ ගැන තොරතුරු හොයද්දි තවත් අමුතු කතා ටිකක් අපට අහන්න ලැබුණා.

”පුතා ඉපැදෙන්නත් කලින් ඉදලම එයාගේ අම්මා සිංදු කියනවා. ඒ් වගේම පුතා කුසේ ඉද්දිත් අම්මා ගීත ගැයුවා. ඉතින් අපි විශ්වාස කරනවා, එයා කුසේ ඉදගෙන අම්මා ගැයූ ගීත හොදන් අහගෙන ඉන්න ඇති කියලා. ඒ්වත් එයාගේ ගායන දක්ෂතාවයට බලපාන්න ඇති.

වොනාල් අභිලාෂ මුලින්ම අධ්‍යාපනය ලැබුවේ වදුරඹ මධ්‍යම මහා විද්‍යාලයේ. මේ පාසලේ ඉන්න කාළේ තමයි ඔහු මුලින්ම හිරු කිඩ්ස් තරගයට ඇවිත් පළමු ගීතය ගායනා කරන්නේ. ඉතින් එදා ඉදළම පුතා හැමවෙලාවෙම කිව්වේ මේ තරගය මම ජය ගන්නවා. මට පුලුවන් කියලා. ඒ් විශ්වාසයෙන් තමයි එයා මුල ඉදළම හිටියේ. ඉතින් ඒ් වගේම කළා.

ඒ කළේ පුතා ශිෂ්‍යත්ව විභාගය කරනවා. ඉතින් විභාගය සමත් වුණාට පස්සේ පුතාට ලැබෙන්නේ ගාල්ල සිරිධම්ම විද්‍යාලය. ඒ් පාසලේ ඉන්න කොට තමයි දෙවැනි ගීතය ගයන්න ගියේ. ඉතින් මේ පාසැල් දෙකම අපි ආදරයෙන් මතක් කරනවා. ඒ් වගේම මුල සිටම අපිට ප්‍රතිචාර දැක්වූ හැමොටමත් ස්තූති කරනවා.”

Previous articleඔහුගේ නික්මයාම කලා ලෝකයට දැරිය නොහැකි පාඩුවක්.. සියල්ලන්ගේම දුක් සෝ සුසුම් මැද අවසන් ගමන ගිය කලාකරුවෙකු ගැන ඇසෙන ඒ කතාව මෙන්න..
Next article“එයාටත් වඩා උස කීබෝඩ් එකක් උස්සගෙන ආපු දවස…අම්මා එදා සෙනුක පුතාව මට බාර දුන්නා” – සෙනුකගේ මියුසික් ටීචර් දැන් කියන කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights