Home දේශිය පුවත් ලෝක ප්‍රකට කාන්තා ඇදුම් සන්නාමයක් ගැන ලාංකීය අපට ඇසෙන දුක්බර ආරංචිය මෙන්න..

ලෝක ප්‍රකට කාන්තා ඇදුම් සන්නාමයක් ගැන ලාංකීය අපට ඇසෙන දුක්බර ආරංචිය මෙන්න..

0
80

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුරා ප්‍රමුඛ පෙළේ කාන්තා යට ඇඳුම් සන්නාමයක් වූ Triumph නිෂ්පාදනවල ශ්‍රී ලංකාවේ බෙදාහැරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මෙම තීරණයට හේතුව ලෙස ඉන්දියාවේ පිහිටි Triumph International India සමාගම විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

දැනට වෙළෙඳපොළෙහි පවතින Triumph නිෂ්පාදන, මීට වසර කිහිපයකට පෙර ආනයනය කරන ලද තොග බව තහවුරු වී තිබේ.

එසේම, ශ්‍රී ලංකාවේ මෙම සන්නාමය නියෝජනය කළ සමාගම දැනට ක්‍රියාත්මක නොවන අතර, එහි හිටපු සේවකයෙකු සඳහන් කළේ ඉන්දියානු මව් සමාගමේ තීරණයකට අනුව මාස හයකට පමණ පෙර ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවූ බවයි.

මෙම තීරණය හේතුවෙන් සේවය අහිමි වූ සේවකයන්ට වන්දි ගෙවීමක්ද සිදු කර ඇත.

තවද, Triumph සමාගම සමඟ ව්‍යාපාර කටයුතු කළ බොහෝ අලෙවි නියෝජිතවරුන් මේ වන විට වෙනත් කාන්තා යට ඇඳුම් සන්නාම සමඟ කටයුතු ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

මීට අමතරව, පසුගිය පෙබරවාරි මාසයේදී බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී පැවති Triumph තොග අවසන් කිරීමේ අලෙවියකදී ඇතැම් ගැටලුකාරී තත්ත්වයන් මතු වූ බවට මාධ්‍ය වාර්තා පල විය.

Previous article“අපේ සිංදු කියල ලක්ෂ ගණන් හොයනවා..යාන වාහන ගන්නවා අපිට බනිනවා..! ගාන්ධර්ව හිගන්නා කියනවා..ගෙයක් හැදුවට බාසුන්නැහැට ගෙදර අයිති නැහැලු..” ආචාර්ය රෝහණ වීරසිංහ හා රූකාන්ත ගායක ගායිකාවන්ට රිදෙන්න දෙයි..
Next article“මගේ අම්මට මාව වෛද්‍යවරියක් කරන්න ඕන වුණා. ඒ සිහිනය සැබෑ කර ගන්න මගේ දුව මට උදව් කළා…දියණිය සමග වෛද්‍ය විදුහලට යාමට සුදුසුකම් ලැබූ ඔවුන්ගේ කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights