Home දේශිය පුවත් ඇයට ලැබුණු ත්‍යාග මුදල වංචා කළේ කවුද..? වියපත් කතකට හිමිවූ කෝටි නවයකට...

ඇයට ලැබුණු ත්‍යාග මුදල වංචා කළේ කවුද..? වියපත් කතකට හිමිවූ කෝටි නවයකට අධික මුදලක්… වංචා කළ අය අතරට, අලෙවි නියෝජිතයාත් ‍එක්වෙයි..

0
83

 

ඇයට මේ ලැබුණු මුදල් ත්‍යාගය ගැන දැනීමක් හෝ අදහසක් නොතිබෙන්නට ඇති.. ඒකනේ මේ තරම් වංචාවකට හසුවුණේ..

කොහොම වුණත් මේ වියපත් කාන්තාව මුලාවේ දැමූ පිරිසට දැන් නම් නීතියෙන් ගැලවීමක් නැති වෙන හැඩයි..

දිනුම් අදින ලද ලොතරැයි පතකට වයෝවෘද්ධ කාන්තාවකට හිමි වූ රුපියල් 96,298,759.58 ක (රුපියල් නව කෝටි හැට දෙලක්ෂ අනූඅටදහස් හත්සිය පනස් නවයයි ශත පනස් අටක) මුදලක් වංචා සහගත ලෙස ලබාගත් ලොතරැයි අලෙවි නියෝජිතවරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා…

ඒ අතර කාන්තාවක්ද වන බවයි පොලිසිය පවසන්නේ… 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී ලොතරැයි පතකට හපුතලේ ප්‍රදේශයේ කාන්තාවකට එකී දිනුම හිමිව තිබූ අතර සැකකාර ලොතරැයි අලෙවි නියෝජිතයා හා අනෙක් සැකකරුවන් දෙදෙනා එක්ව එකී මුදල වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා…

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ දෙක මගින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා…

අත්අඩංගුවට ගත් ලොතරැයි අලෙවි නියෝජිතයා හා කාන්තාව හපුතලේ පදිංචිකරුවන් බවත් අනෙක් සැකකරු කොටගල පදිංචිකරුවෙක් බවත් පොලිසිය පැවසුවා…

සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ දෙක මගින් විමර්ශන සිදු කෙරෙනවා…

Previous articleගණිතය අසමත්ව තාක්ෂණ විශය ධාරාවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වූ තිලිණගේ කතාව මෙන්න
Next articleශ්‍රී ලාංකීය වනිතාභිමාන අභිනන්දන සම්මානයෙන් පිදුම් ලැබූ වේදිකාවේ රිදී සීනුව වූ ඇය ගැන ඇසෙන කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights