බිරිඳකට ලැබෙන්න ඕන ලොකුම දේ සැමියාගේ ආදරය සහ රැකවරණයයි..
මොනතරම් දේ ඇයට තිබුණත් ඒ ලැබෙන සෙනෙහස මිල කරන්න බැහැ..
මේ කියන්න යන්නේ තවත් ඒ වගේ වාසනාවන්ත කාන්තාවක් ගැනයි.. උපේඛා නිර්මාණි, කලා ලෝකයේ කවුරුත් ආදරය කරන හඬක් හිමි ගායිකාවක් වුණු ඇය ගැනයි මේ ආරංචිය.. ඇය ඔන්න දෙවැනි වතාවටත් මව් පදවිය ලබලා..
ඔන්න ආයෙත් වසර ගණනකට පස්සේ ඇයට හිමිවුණු මේ උතුම් මව් පදවිය උපේඛාගේ මුළු ජීවිතයම වෙනස් කරාවි.. ඒ සතුට වචනවලට පෙරළන්න බැරි වුණත් උපේඛා මේ ගැන සටහනක් ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..
ඇගේ ආදරණීය සැමියා ගැනත් මේ වෙලාවේ ඇය කියන්න අමතක කරලා තිබුණේ නැහැ.. මේ හැම දෙයක්ම දරාගන්න ඇයට ශක්තියක් වෙන්නේ ඇගේ ආදරණීය සැමියායි.. අලුත් වුණු ඒ දෙන්නාගේ පුංචි කැදැල්ලට අපිත් හදවතින්ම සුබ පතමු.