Home දේශිය පුවත් එකම ස්ථානයක සිදුවුණු රිය අනතුරු ත්‍රිත්වයක්.. ගමක් හැඬවූ රාවනා ඇල්ල මහා අනතුර,...

එකම ස්ථානයක සිදුවුණු රිය අනතුරු ත්‍රිත්වයක්.. ගමක් හැඬවූ රාවනා ඇල්ල මහා අනතුර, වසර ගණනක මතකයත් එක්ක අතීත යළි දෝංකාර දෙයි..

0
192

අතීතය නැවත නැවතත් සිදුවෙනවාද..? සමහර අවස්ථාවල ඇසෙන මේ වගේ සිද්ධි නිසා ඔබටත් මටත් එහෙම හිතෙනවා ඇති..

මේ දවස්වල කාගේත් අවදානයට ලක්වුණු රටම සංවේගයෙන් පිරවූ ඒ කතාව, ඔබටත් මතක ඇති.. ඇල්ල බස් අනතුර, මේ අනතුර නිසා ජීවිත 15ක් අහිමිවුණා.. විනෝද චාරිකාවක් යන්න සතුටෙන් පිටත්ව ගිය මේ පිරිස නැවතත් තමන්ගේ ගම්බිම් වෙත පැමිනියේ ගමක් කඳුළින් නහවමින්.. මීට අවුරුදු 29 කට කලින්.. හරියටම ඒ ස්ථානයේදීම මාරක අනතුරක් සිද්ධවෙනවා..

ඒ 1996 වසරේදී, මිනිස් ජීවිත 21 ක් උදුරාගත් මේ මාරක අනතුර එදා රටම කම්පාවට ලක් කරන්නට සමත් සිද්ධියක් වුණා.. එදා ඒ පුවත එවකට පුවත්පත් වාර්තා කළේ අතිශ්‍යය සංවේදීවයි..

එසේම මෙම මාරක අනතුර සිදුවුණු ස්ථානය තවත් වතාවක් මිනිසුන්ගේ මතකයට එක්වෙන්නේ 2003 වසරේ සිදුවුණු එවැනිම තවත් දරුණු අනතුරක් නිසා කිව්වොත් හරි.. මනුස්ස ජීවිත 10 කට වැඩි ප්‍රමාණයක් ඒ අනතුර නිසා බිලිගෙන.. මේ අනතුරු දෙකම 1996 වසරේදී සහ 2003වසරේදී සිදුවෙලා තියෙන්නේ හරියටම සැප්තැම්බර් මාසේ 3 සහ 4 කියන දවස් දෙකේමයි..

1996 වසරේදී කුරුණෑගල සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් මෙලෙස ජීවිතයෙන් සමුගත් අතර, 2003 වසරේ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් බස් රථයක් මෙලෙස අනතුරකට පත්වන්නේ කාර්මික දෝෂයක් හේතුවෙන්..

කොහොම වුණත් මේ සිද්ධි ත්‍රිත්වයම සිදුව ඇත්තේ එකම ස්ථානයකයි.. මාරක අනතුරු තුනෙන්ම අහිමි වූ ජිවීත ගණන බොහෝමයි.. මිනිසුන්ගේ දෛවය මේ තරම් කුරිරුයිද..? මේ ඇසෙන කතාවත් එක්ක අපට නැගෙන ප්‍රශ්නාර්ථය වන්නේ එයයි..

Previous articleරුසියාවේ පිළිකා එන්නත සාර්ථකයි..! ලොව වටා සිටින පිළිකා රෝගින්ට අලුත් අපේක්ෂාවක්.
Next articleබතට හොද්දට නැතුවම බැරි රම්පේ ගැන , ඇඟ හිරිවැටෙන කතාවක්.. මේ ගැන අදම දැනුවත් වී පිළිකාවෙන් අත්මිදෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights