එක දිගට සිදුවුණු ග්‍රහ මාරු රැසක්.. ඔබේ ජීවිතයට එල්ලවන්නේ මොන වගේ බලපෑමක්ද..?

එක දිගට සිදුවුණු ග්‍රහ මාරු රැසක්.. ඔබේ ජීවිතයට එල්ලවන්නේ මොන වගේ බලපෑමක්ද..?

පිට පිට සිදුවෙන ඒ ග්‍රහ පිහිටීම නිසා ඔබේ ජීවිතයත් නොහිතපු විදිහට වෙනස් වෙලාද..? මේ ඒ ගැන ඇසෙන වෙනස් කතාවක්.

සමහර කෙනෙක් මේ දේවල් ගැන විශ්වාස නොකරනවා වෙන්න පුළුවන්. තවත් සමහර කෙනෙක් මේ කතා විශ්වාස කරනවා වෙන්නත් පුළුවන්. ඒ කතා කොහොම වුණත්, ග්‍රහපිහිටීම් වගේම ඇතැම් රාශි මාරුවීම් ඔබේ ජීවිතයට ප්‍රබලවම බලපානවා කියන එක මේ කතාවත් එක්ක ඔබට පැහැදිලි වේවි.

අගෝස්තු 12 සිකුරාදායින් පසුව ඇරැඹෙන සතිය තුළ රවි, බුධ, සිකුරු, කුජ යන ග්‍රහයන් සිවුදෙනාම සිය රාශි මාරු කරන අතර කුජගේ තුලා රාශි ප්‍රවේශය 13 වැනිදා රාත්‍රී 9.24 ටත්, බුධගේ කන්‍යා රාශි ප්‍රවේශය 15 වැනිදා උදේ 11.08 ටත්, සිකුරුගේ සිංහ රාශි ප්‍රවේශය එදිනම මධ්‍යම රාත්‍රී 12.18 ටත් රවිගේ කන්‍යා රාශි සංක්‍රාන්තිය 17 වැනිදා පාන්දර 01.47 ටත් සිදුවෙයි. සතියක් තුළ මෙලෙස ග්‍රහයන් කිහිප දෙනකුම රාශි මාරු කරගැනීම සුවිශේෂී සංසිද්ධියක් වෙයි.
සැප්තැම්බර් 13 න් පසු කුජ මාරුවත් සමඟ විදේශයන් සමඟ පවත්නා වූ සබඳතා පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්විය යුතුය. වෙළෙඳ , රාජ්‍ය තාන්ත්‍රික හෝ අන්තර්ජාතික ගිවිසුම් පිළිබඳ කල්පනාකාරී විය යුතු කාලයක් ලෙස ඔක්තෝබර් මස අවසානය දක්වා කාලය අවධානයට ගත යුතුය. විදෙස් අතපෙවීම්වලදී බටහිර සහ යුරෝපීය රටවල් සහ චීනය පිළිබඳ උනන්දු වීම ඉතාම වැදගත් වේ. ගිවිසුම් හෝ නව යෝජනා පිළිබඳව ඉතාම කල්පනාවෙන් එකඟතාවයන්ට පැමිණිය යුතුම කාලයක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුවේ.

රට තුළ දික්කසාද ඉහළ යන මාස එක හමාරක කාලයක් වන අතර මහජනයා අතර විවිධ වූ කැලඹිලි ස්වාභාව සහ නොමඟ යැවෙන සුලු දූෂමාන තොරතුරු ද සංසරණය වන කාලයක් බව පෙනී යයි.
සැප්තැම්බර් 15 බුධ මාරුවත් සමඟ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් ඉතාම උද්යෝගිමත් ආකාරයෙන් ක්‍රියාත්මක වන අතර වෙළෙඳ , ව්‍යාපාර, අධ්‍යාපන, ප්‍රවාහන ආදී ක්ෂේත්‍ර කිහිපයක නෛතික රාමුවල වෙනස්කම් සහ නව ගිවිසුම් නව ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂ කතාබහ සහ වෙනස්කම් ඇතිවනු ඇත. ඇතැම් අවස්ථාවල තර්ක විතර්ක ඇතිවෙමින් ඒවා දැඩි වාද -භේද මෙන්ම පෞද්ගලික ආරවුල් දක්වාමත් වර්ධනය වන අවස්ථා නිර්මාණය වනු ඇත. පාර්ලිමේන්තු සහ මහජන නියෝජිතයන් පිළිබඳ ආන්දෝලනාත්මක සිදුවීම් ඉදිරි මාසය තුළ මතු වනු ඇත.

සිකුරු ග්‍රහයාද 15 වැනි දින සිංහ රාශිගත වුවත් සැප්තැම්බර් 12 වැනිදා පමණ සිට සතියක පමණ කාලයක් බුධ සහ කේතුගේ නැකත්වල ගමන් කරමින් කටකයෙන් සිංහයට මාරු වෙමින් රාශි සහ නැකැත් ගණ්ඩාන්තයක ගමන් කරයි. මේ සතියක පමණ කාලය තුළ විපක්ෂය නියෝජනය කරන ප්‍රබලයකුට හෝ කිහිප දෙනෙකුට ගැටලුකාරී තත්ත්ව උද්ගත විය හැකිය. එසේම රජයේ ප්‍රබලයන් ද ප්‍රවේශම් විය යුතු කාලයකි. මෙකී සතියක පමණ කාලය තුළ ස්ත්‍රීන් සහ තරුණ කාන්තාවන් කුඩා දරුවන් ප්‍රවේශම් විය යුතු වන අතර යම් අපරාධ සිදුවිය හැකි වාතාරණයක් ද පවතියි. කලාකරුවකු සම්බන්ධයෙන් ද තරමක් අසුබ තොරතුරක් හෝ වියෝවක් පිළිබඳව අසන්නට ඉඩ ඇති කාලයකි. ගත්කතුවරුන්, ලේකඛයන් හෝ සුප්‍රසිද්ධ පුද්ගලයන් ද තරමක් කල්පනාකාරී විය යුතුය.
විද්‍යාරම්භයට, අකුරු කියවීම්,ව්‍යාපාර ආරම්භය ඇතුළු කටයුතු ගණනාවකට ශුභ දිනයක් ලෙස සැප්තැම්බර් 18 දිනය සුවිශේෂ වන අතර අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී යන නැකැත්වලින් උපන් අයට එදින ඉතාම යහපත් වන අතර කේවල සිද්ධි යෝග ද උදාවන දිනයකි. ඔබේ උපන් ලග්නයට අනුව ගැළපෙන නැකැත් දක්ෂ ඡ්‍යොතිර්වේදියකු ලවා ශුද්ධ කර සකස් කර ගැනීමෙන් මෙදිනට අරඹන කටයුතුවලින් ඉතාම යහපත් සුබපල අත්කර ගැනීමටද හැකිවනු ඇත.

සුබසෙත පුවත්පතෙන්..

Uncategorized