Home Uncategorized ගොරකා තියනවා නම් කොලෙස්ට්‍රෝල් සුව කරන මැජික් එකක් හදාගන්න පුළුවන්.. ගෙදරදීම සාදාගත...

ගොරකා තියනවා නම් කොලෙස්ට්‍රෝල් සුව කරන මැජික් එකක් හදාගන්න පුළුවන්.. ගෙදරදීම සාදාගත හැකි අපූරු අත්බෙහෙතක් මෙන්න..

0
164

 

ආහාර රසගන්වන්න ගන්න කුළුබඩුවක් ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රිය ගොරකා ගැනයි මේ කියන්න යන්නේ.

ඈත අතීතයේ සිටම අපේ රටේ බොහෝ මිනිසුන් කෑම පිසිමේදී ගොරකා යොදා ගත්තේ ආහාර සුරක්ෂිතකරණය සහ එහි ඇති ලෙඩ සුවකිරීමේ ගුණය කෙරෙහි ඔවුන්ගේ තිබූ දැනුම නිසායි. එහි මිනිස් ශරීරයට හිතකර ගුණ ගණනාවක් තිබෙනවා. ගොරකාවලට ශරීරයේ මේදය පුළුස්සා දමා ඇගේ බර අඩුකිරීමට හැකියාවක් පවතිනවා. එම නිසා අඩික ස්ථුල භාවය අඩු කරන්න ගොරකා කියන්නේ හොඳ ඖෂධයක්.
අපෙ ශරීරයේ අනවශ්‍ය තෙල් නැති කරන්න ගෙදරදීම ගොරකා යොදාගෙන හදාගන්න පුළුවන් විදිහේ අත් බෙහෙතක් තමයි දැන් ඔබට කියන්න යන්නේ.
ඇත්තටම මෙම චූර්ණය විවිධ ක්‍රම වලට මෙම කුළුබඩු, අඩු වැඩියෙන් යොදා ගෙන බොහෝ දෙනා හදා ගන්නවා.

ගොරකා චූර්ණය සාදාගන්නා ආකාරය..
ගොරකා
උළුහාල් මේස හැන්දක්
කරපිංචා කොළ මේස හැඳි තුනක් විතර
තරමක් විශාල කුරුඳු කෑල්ලක්
ගම්මිරිස් මේස හැන්දක්
සුදු ළූණු බික් පහක්
තරමක ඉඟුරු කෑල්ලක්

ගොරකා ටික හොඳින් සෝදා මැටි වළඳක දාලා හොඳින් තම්බා ගන්න..

කරපිංචා, කුරුඳු, ගම්මිරිස්. මේ තුන කබලේ ටිකක් බැදගන්න..(කරපිංචාවල පාට වෙනස් නොවෙන ලෙස)

බැද ගත් සියල්ල බ්ලෙන්ඩර් එකේ දාලා කුඩු කරගන්න.

තැම්බුණු ගොරකා ටික වතුර පෙරා බ්ලෙන්ඩර් එකට දාලා, පසුව ළූණු, ඉඟුරු, පෙඟුණු උළුහාල් ඔක්කොම දාලා හොඳට බ්ලෙන්ඩ් කරන්න.

පේස්ට් එකක් එන තරමට..

දැන් ගොරකා පේස්ට් එකට කුඩුකර ගත්.. කරපිංචා, කුරුඳු, ගම්මිරිස්.. දාලා හොඳින් අනන්න ඔක්කොම කලවම් වෙන විදියට.

දැන් මේ අනාගත් ගොරකා පේස්ට් එකෙන් කුඩා ගුලි හදාගන්න..(60 ක් පමණ පුළුවන් වේවි)

හදාගත් ගුලිවලින් උදේ හිස් බඩ එකක් කාලා උණු වතුර වීදුරුවක් බොන්න.

රෑට කෑමට පෙර එක ගුලියක් කාලා උණු වතුර වීදුරුවක් බොන්න..

මේක මාසයක් බොන්න.. ශීතකරණයේ පහළ කොටසේ බොක්ස් එකක දාලා තියන්න. ගැස්ට්‍රයිටීස් තියෙන අය බත් සමග කෑමට ගන්න. ඒත් එක්කම ඔබ විවිධ රෝගාබාධ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගන්නා අයෙක් නම්, මේ වගේ දෙයක් ඔබේ ශරීරයට එක්කරගැනීමට පෙර වෛද්‍ය උපදෙස් පිළිපදින්න.

Previous articleමිද්දෙණිය වලව්වේ ආදරණීය සුදු ආච්චිට මේ නම් අමතක නොවෙන දවසක්. ඒ ආදරණීය හමුවීම නිසා ඇය දැන් ඇත්තේ වෙනදාටත් වඩා සතුටෙන්..
Next article“සතෙක්ට වුණත් කන්න දෙන්න ඕන එයාලා කන්න ආස දෙයක්” එයා එහෙමලු කියන්නෙ… සංගීත් මුහුණු පොතට එක්කළ සටහන…
error: Content is protected !!
Verified by MonsterInsights