Home දේශිය පුවත් ‘ මගේ රැහේ එකෙක් යන්නම ගිහින්..’ නලීන් ගැන ජගත් තැබූ සංවේදී සටහන

‘ මගේ රැහේ එකෙක් යන්නම ගිහින්..’ නලීන් ගැන ජගත් තැබූ සංවේදී සටහන

0
51

ඔහු අද උදෑසන දිවි රග මඩලෙන් බැසගියා..

ඒ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතා මියයන විට වයස අවුරුදු 56ක්..

කෙසේ වෙතත් , රෝගාතුරව සිටියත් ඔහුගේ මේ හදිසි වියෝව ගැන රංගන ශ්‍රේෂ්ත්‍රයේ ඔහුගේ මිතුර මිතුරියන් විවිධ සටහන් එක්කර තිබුණා.

මේ පහතින් දැක්වෙන්නෙත් , රංගන ශිල්පී ජගත් බෙනරගම එක්කළ සටහනක්..

” මගේ රැහේ එකෙක් යන්නම යන්න ගිහින්, අපි එකට රගපෑවා දේශපාලනය කලා මාව දේශපාලනයට ඇදල ගත්තෙත් උබ ආසන සංවිධායක කලෙත් උබ ඒක මට නොගැලපෙන තැනක් බව තේරුම් ගත් නිසා මා දේශපාලන වේදිකාවෙන් බැසගියත්, ඔබ දිගටම මිනිසුන් අතර හිටියා අද ඒ සියල්ල හමාර කර ඔබ ජයලත් මනෝරත්නගේ සෙල්ලම් නිරිදු ලෙස වේදිකාවෙන් බැසගියා සුබ ගමන් මගේ මිත්‍රයා..”

ජගත් බෙනරගම

Previous articleප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල දිවි ගමනට සමුදෙයි
Next article“මට ඒ මතකෙත් දීලා ඔයා අද යනවා..” – සංගීත් සතරසිංහගෙන් සංවේදී සටහනක්
error: Content is protected !!
Verified by MonsterInsights