අද දවල්ට කෑවේ ගමේ රසට ෆ්‍රයිඩ් රයිස් හෙවත් පොල් සම්බෝල ෆ්‍රයිඩ් රයිස්..😁
මේක මං අවුරුදු ගණනාවකට කලින් කටට රසට ගෲප් එකේ දැම්මෙ .. එදායින් පස්සෙ මේක බොහොම ජනප්‍රිය උනා.. ගෲප් එකේ ඉන්න අයට මේ බත් එක මතක ඇති..☺️ මේ බත් එක මං වැඩිපුරම හදන්නෙ ඉතුරුම් බත්වලින් උදේට කන්න.. අද වෙනසකටත් එක්ක දවල්ට කන්න හැදුවා..😉
ගමේ රසට ෆ්‍රරයිඩ් රයිස් ..
අවශ්‍ය දේවල් ..
🔸 හොඳ සැරට හදා ගත්ත පොල් සම්බෝල අවශ්‍ය තරම්. ( ලොකු උම්බලකඩ කෑලි යහමින් දාලා සම්බෝලය අඹරගන්න)
🔸 උයා ගත්ත ඕනෑම බත් වර්ගයක් අවශ්‍ය තරම්
🔸ඇට අයින් කරලා පොඩියට කපා ගත්ත වේලිච්ච මිරිස් කරල් කීපයක්.
🔸 රම්පෙ ,කරපිංචා ටිකක්
🔸 අබ ඇට ටිකක්
🔸 තෙල් ටිකක් .
🔸පොඩියට කපා ගත්ත කරවල හරි හාල්මැස්සො හරි ,
පොඩ්ඩක්.
හදන විදිය..
🔸 හොඳට ඉඩකඩ තියෙන ලොකු පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි දෙකක් තුනක් දාන්න. තෙල් රත් උනාම මුලින්ම කරවල හරි හාල්මැස්සො හරි දාලා අඩු ගින්දරේ හොඳට බැදගෙන , ඒ ටික පෑන් එකේ පැත්තකට කරන්න.
🔸 දැන් පෑන් එකේ ඉතුරු වෙලා තියෙන තෙල් ටිකට අබ ටික දාන්න.. අබ පුපුරද්දී රම්පෙ එක්ක කරපිංචා එක්ක වේලිච්ච මිරිස් කෑලි ටික දාලා, ටිකක් බැදෙන්න ඇරලා ඊට පස්සෙ පොල් සම්බෝල ටික දාන්න..පොල් සම්බෝල ටික දැන් කරවල ටිකත් එක්ක හොඳට කලවම් කරන්න . දැන් පොල් සම්බෝල ටික තෙලෙන් හොඳට තෙම්පරාදු කරන්න..
🔸 ඊට පස්සෙ මේකට උයා ගත්ත බත් ටික දාලා , ලිපේ ගින්දර වැඩිම කරලා හොඳට එහා මෙහා කර කර කලවම් කරන්න..දැන් ලුණු බලලා මදි නම් තව දාන්න..උණු උණුවෙන්ම කාලා දාන්න..😉
✅ මේ බත් එක රෑ ඉතුරුවෙන බත්වලින් උදේට හැදුවාම හරිම රසයි. හැබැයි උණුසුම්ව කන තරමට තමයි වඩාත් රස. නිවෙද්දි බත් එක වියලි ස්වාභාවයක් ගන්නවා .
✅ ඒ වගේම පොල් සම්බෝලය හොඳට සුදු ළූණු , රතු ළූණු .. ලොකු උම්බලකඩ කෑලි හිටින්න දාලා හදා ගත්තු තරමට රස වැඩී..කරවල , හාල්මැස්සො නම් අත්‍යාවශ්‍ය නෑ. ඒත් දැම්මොත් රසයි .😃😃
✅ තවත් පොඩි රහසක් කියන්නම් ..😄
මේ බත් එක හැදුවොත් පාන් කෑලි ටිකකුත් කඩලා බත් එකටම දාලා අනාගෙන කන්නකො.. රස කියලා වැඩක් නෑ..😃😃