ලංකාවේ වයස්ගතම මිනිසා මේනියල් කිසිම ලෙඩක් දුකක් නැතුව නිරෝගීව ඉන්න හේතුව මේකද ?

ලංකාවේ වයස්ගතම මිනිසා මේනියල් කිසිම ලෙඩක් දුකක් නැතුව නිරෝගීව ඉන්න හේතුව මේකද ?

 

ශ්‍රී ලංකාවේ වය­ස්ග­තම පුද්ගලයා ගාල්ලේ කර­න්දෙ­ණිය පදිංචි බොළඳ හකුරු මේනි­යල් මහතා බව ජාතික වැඩි­හිටි මහ­ලේ­කම් කාර්යා­ලය නිල වශ­යෙන් සනාථ කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්ම­සිරි මහතා පව­සනවා.

එතු­මාගේ නිජ භූමිය වන්නේ ගාල්ල දිස්ත්‍රි­ක්කයේ කර­න්දෙ­ණිය ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ 95A අගු­ළු­ගල්ල ග්‍රාම නිල­ධාරි වස­මය.

පැරණි ජාතික හැඳු­නු­ම්ප­තට අනුව මේනි­යෙල් මහතා 1915 ජුනි මාසෙ හතර වැනිදා මෙලොව උපත ලබා ඇති අතර ඔහු දැන් අවු­රුදු 110ක් වය­සැති ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යෙකි.

ඔහු ලිවී­මට කිය­වී­මට හැකි­යාව ඇති, 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යා­ප­නය ලැබූ­වෙක්.

මෙම ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යාගේ නීරෝ­ගි­මත් දිවි­පෙ­වෙ­තට හේතු වන්නේ වස විසෙන් තොර පෝෂ­ණීය ආහාර රටා­ව­කට හිමි­කම් කියන ගමේ ඕනෑම නි‍ෙව­සක, පිරි­ත­කට දාන­ය­කට නැතු­වම බැරි අයෙක් බවත් ප්‍රදේ­ශ­වා­සීහු පව­සති.

ඔහු වයස අවු­රුදු අනූ පහක් වෙන තුරුම ගිහි පිරිත් සජ්ඣා­ය­නා­වන්ට සහ­භාගි වුණු බව පව­සන ඒ මහතා පාන්ද­රින්ම වත්ත පිටියේ වැඩට ගොස් කැත්ත උදැල්ල සමඟ හරි හරි­යට සමීප වූ‍ෙවක් බවයි පවුලේ සමී­ප­ත­ම­යින් සඳ­හන් කළේ.

මේනි­යෙල් මහතා දරු­වන් නව දෙනෙක්ගේ පියෙකි.

”වයස් ගත වුණත් කිසිදු ලෙඩක් දුකක් නොමැ­තිව නිරෝ­ගි­මත්ව සිය ජීවි­තය ගත කරන්න ඔහුට පුළු­වන් වෙලා. සරල දිවි පෙවෙත එයට හේතු­වයි…” ජාතික වැඩි­හිටි මහ ලේකම් කාර්යා­ලයේ සිය­වස් දීම­නාවේ සාඩ­ම්බර හිමි­ක­රු­වෙක් වන මේනි­යෙල් මහ­තාගේ බිරිය මෙලො­වින් සමු ගත්තත් දරු මුනු­බු­රන්ගේ නොමඳ ආදර සංග්‍රහ විඳි­මින් ඔහු සැපසේ ජීවත් වෙන බව සඳ­හක් කළ යුතුව ඇත.

World Gossip