Home දේශිය පුවත් රටම බලා සිටි ඒ මොහොත… ගල්කිස්සේ පොලිස් නිලධාරිවරයා ගැන ඇසෙන අලුත්ම ආරංචිය...

රටම බලා සිටි ඒ මොහොත… ගල්කිස්සේ පොලිස් නිලධාරිවරයා ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

0
114

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ ඊට අදාළ නඩු විභාගය අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

එහිදී ඉදිරිපත්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

මෙහිදී පොලීසිය විසින් අදාළ සිද්ධිය වූ අවස්ථාවේදී නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අසභ්‍ය වචනයෙන් පොලිස් කොස්තාපල්වරයාට බැණ වැදීම සම්බන්ධයෙන් තවත් බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

තවදුරටත් කරුණු වාර්තා කරමින් පොලීසිය අධිකරණය හමුවේ පැවසුවේ මේ වන තුරු නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට ඉදිරිපත් වීමක් හෝ පොලීසියට ප්‍රකාශ ලබා දීමක්ද සිදු කර නොමැති බවත්ය.

Previous articleපිරිමින් වැඩියෙන්ම ආකර්ෂණය වෙන්නේ කාන්තාවන්ගේ මේ දේවල්වලටයි කියලා ඔයාලත් දැන සිටියාද ?
Next articleඅපේ ප්‍රසිද්ධ දරාගන්න බැරි තැන සමහරු අපිට මඩ ගැහුවා – රටම කැළඹූ කතාවක් ගැන K සහ M ගෙන් පිලිතුරු…
error: Content is protected !!
Verified by MonsterInsights