Home Uncategorized තරබාරුව මට්ටු කරන්නත් ඇඟ ලස්සනට පාටට තියා ගන්නත් ඉතා ගුණදායක කැඳක් …

තරබාරුව මට්ටු කරන්නත් ඇඟ ලස්සනට පාටට තියා ගන්නත් ඉතා ගුණදායක කැඳක් …

0
61

මේ කියන්න හදන්නේ අපුරු කැඳක් ගැනයි…

අපි හැමෝම ලස්සනට ඉන්නත් නිරෝගීව ඉන්නත් කැමතියිනේ.. ඉතිං මේ පානය හදන හැටි බලමු…
සාදන අන්දම…

නිවුඩු කැකුළු හාල් මිටක් හොඳට සෝදා ගල්වැලි ඉවත්කර වතුර අඬු කෝප්ප 1, 1/2ක් දමා හොඳට බෙරි වෙන්නට තම්බා පොඩි කරගන්න.

එයට,

කෝමාරිකා මද මේස හැඳි 04ක්

පොල් මිටක්

කරපිංචා කිණිති 06ක්

රම්පේ කෑල්ලක්

ගම්මිරිස් ඇට, සූදුරු, උළුහාල්, මාදුරු ඇඟිලි දෙකට අසුවන ප්‍රමාණ 03 බැගින් ගෙන හොඳට අඹරා වතුර බෝතල් 1, 1/2ක් දමා මිරිකාගත් ඉස්ම කී කැඳ බතට දමා පැසවා බීමට දෙන්න. රස බලා ලුණු දමන්න.

මෙහි ගුණ

මෙම කැඳ විශේෂයෙන්ම සෙංගමාල රෝගය, කහ උණට ඉතා විශේෂ ගුණයක් ඇත.

ඒ අයට මෙම කැඳ දෙන විට ලුණු නොදමා දිය යුතුයි.

එසේම අක්මාවේ ඉදිමුම (යාකෘති වෘද්ධිය) මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් ඇතිවන සිරෝසිස් යාකෘතික ආසාත්මිකතාවයට ඉතා ගුණයි. මෙම ප්‍රතිකාරය කරන විට රෝගියා අසාධ්‍ය නොවන මට්ටමෙන් සිටිය යුතුයි.

තවද මෙම කැඳ පානය නිසා සමේ වර්ණවත් භාවය ඇති කරයි.

තරබාරුව නැති කිරීම, අක්ෂි දුර්වලතාවය, හිසකෙස් වල ඇතිවන තඹ වර්ණය වළකාලයි.

රක්ත දෝෂ නිසා ඇතිවන ශාරීරික විකෘති වලට ද ඉතා ගුණයි

Previous articleඇගේ ගමනට ආගමෙන් ආ බාධාවන් ජයගෙන රන් පදක්කම් 3ක් සමගින් ශ්‍රී ලංකාව රනින් බබලවපු සෆියා යාමික්..
Next articleශ්‍රියන්තට 50යි.. කුරුළු කැදැල්ලක සතුට.. – Photos
error: Content is protected !!
Verified by MonsterInsights