Home දේශිය පුවත් “තාත්තා” ඒ වචනේට තවත් අරුත් මොකටද..? බඹර ප්‍රහාරයෙන් පුතාව බේරගන්න පියෙකු සිය...

“තාත්තා” ඒ වචනේට තවත් අරුත් මොකටද..? බඹර ප්‍රහාරයෙන් පුතාව බේරගන්න පියෙකු සිය ජීවිතය පුද කරයි.

0
79

මිහින්තලය ඉලුප්පුකන්නිය ප්‍රදේශයේදී බඹර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිය එකොළොස් හැවිරිදි තම එකම පුතු නිවස ඉදිරිපිට මාර්ගයේ පාපැදියෙන් සෙල්ලම් කරමින් සිටින අතර තුර බඹර ප්‍රහාරයකට ලක්ව ඇති අතර පුතාගේ කෑ ගැසීම හේතුවෙන් පියා එහිදී එම ස්ථානයට පැමිණ ඇත.

එහිදී පියා විසින් බඹර ප්‍රහාරයෙන් සිය පුතාව බේරා ගැනීම සඳහා තම කමිසය ගලවා පුතාව ආරක්ෂා කිරීමට කටයුතු කර තිබේ.

පසුව එක්රැස් වූ ප්‍රදේශවාසීන් එක්ව පියා සහ පුතා යන දෙදෙනාම බඹර ප්‍රහාරයෙන් බේරාගෙන මිහින්තලය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී පියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම බඹර ප්‍රහාරයට ලක්වූ පුතා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමටද රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.

මෙම සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉලුප්පුකන්නිය ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.

පියා සහ පුතා පමණක් මෙම නිවසේ වාසය කරන අතර මව විදේශගතව සිටින බවත් වාර්තා වේ.

 

Previous article16 හැවිරිදි වියේ පසුවූ පෙම්වතියගේ හුස්ම නැවතු ඔහු විවාහකයෙක්.ඇගේ ම ර ණය ගැන දැන් ඇසෙන ආන්දෝලනාත්මක කතාව.
Next articleකොමඩු කස කසා එකතු කරලා හදන මේ විශ්මිත ප්‍රතිකාරය කරලා බලන්න… වෙනස ඔබට හිතාගන්නවත් බැරි වෙයි
error: Content is protected !!
Verified by MonsterInsights