Home Uncategorized ගයාත්‍රි මන්ත්‍රය තුලින් ජිවිතය සරු කරගන්න මෙන්න මේ ක්‍රම ටික...

ගයාත්‍රි මන්ත්‍රය තුලින් ජිවිතය සරු කරගන්න මෙන්න මේ ක්‍රම ටික කරලා බලන්න.

0
69

01. රවි ග්‍රහ අපලයට ගයාත්‍රි මන්ත්‍රය :

ඕම් භාස්කරාය විද්මහේ දිවා නාරායධී මහී තනෝ සූර්ය්‍ය ප්‍රචෝදයාත්

සුදු මල්, බුලත් කොළ පූජා කර, අබ තෙල්, තල තෙල් හෝ කොහොඹ තෙල් පහනක් දල්වා ඊශ්වර දෙවියන්ට පින් දෙන්න. රවි අපල දුරුවේ.

02. සඳු ග්‍රහ අපලයට ගයාත්‍රි මන්ත්‍රය:

ඕම් ක්‍රිෂ්ණු පුත්‍රාය විද්මහේ අමෘත තත්වාය ධී මහී තනෝ චන්ද්‍රා ප්‍රචෝදයාත්

සමන් පිච්ච, සුදු නෙළුම් මල්, සුදු ඉද්දමල්, බුලත් කොළ පූජා කර සඳුන් තෙල් හෝ තැඹිලි තෙල් පහනක් දල්වා සමන් දෙවිඳුට පින් දෙන්න. සඳු අපල දුරවේය.

03. කුජ ග්‍රහ අපලයට ගයාත්‍රි මන්ත්‍රය :

ඕම් චිරත්චජායා විද්මහේ විග්න හස්තාය ධී මහී තනෝ භෞම– ප්‍රචෝදයාත්

රතු මල්, අඹ කොළ පූජා කර තල තෙල් හෝ අබ තෙල් පහනක් දල්වා කතරගම දෙවියන්ට පින් දෙන්න. කුජ අපල දුරුවේ.

04. බුධ ග්‍රහ අපලයට ගයාත්‍රි මන්ත්‍රය:

ඕම් ගජන් වජාය විද්මහේ ගුබ හස්තායධී මහී තනෝ බුද– ප්‍රචෝදයාත්

නිල් මල්, බෙලි කොළ පූජා කර සඳුන් තෙල් හෝ අබ තෙල් පහනක් දල්වා දැඩිමුණ්ඩ දෙවියන්ට පින් දෙන්න. බුධ අපල දුරුවේ.

05. ගුරු ග්‍රහ අපලයට ගයාත්‍රි මන්ත්‍රය:

ඕම් වෘෂක්වජාය විද්මහේ රුණි හස්තායධී මහී තනෝ ගුරු– ප්‍රචෝදයාත්

නිල් මල්, මදුරුතලා කොළ පූජා කර තැඹිලි තෙල් පහනක් දල්වා විෂ්ණු දෙවිඳුට, බ්‍රහ්ම දෙවිඳුට පින් දෙන්න. ගුරු අපල දුරුවේය.

06. ශුක්‍ර ග්‍රහ අපලයට ගයාත්‍රි මන්ත්‍රය:

ඕම් අස්වත්ව ඡායා විද්මහේ ධනුර් හස්තාය ධී මහී තනෝ ශුක– ප්‍රචෝදයාත්

කහ මල්, සුදු මල්, අඹ කොළ පූජා කර පස් තෙල් හෝ ගිතෙල් පහනක් දල්වා පත්තිනි මෑණියන්ට පින් දෙන්න. සිකුරු අපල දුරුවේය.

07. ශනි අපලයට ගයාත්‍රි මන්ත්‍රය:

ඕම් කාකත්ව ඡායා විද්මහේ බඩිත හස් තායධී මහී තනෝ ශනි– ප්‍රචෝදයාත්

නිලුපුල් මල්, නිල් කටරොඩු මල්, මදුරුතලා කොළ පූජා කර එලඟිතෙල් පහනක් දල්වා විෂ්ණු දෙවිඳුට පින් දෙන්න. සෙනසුරු අපල දුරුවේය.

08. කේතු ග්‍රහ අපලයට ගයාත්‍රි මන්ත්‍රය:

ඕම් අස්වක්චජායා විද්මහේ ශූල හස්තාය ධී මහී තනෝ කේතු– ප්‍රචෝදයාත්

නිල් පාට මල්, තුල්සි කොළ පූජා කර ගිතෙල් පහනක් දල්වා විෂ්ණු දෙවිදුට පින් දෙන්න. කේතු අපල දුරුවේ.

09. රාහු ග්‍රහ අපලයට ගයාත්‍රි මන්ත්‍රය:

ඕම් නකද්ව ජායා විද්මහේ පත්ම හස්තාය ධී මහී තනෝරාහු– ප්‍රචෝදයාත්

සමන් පිච්ච මල්, සුදු ඉද්ද මල්, විලඳ, මී පැණි පූජා කර පස් තෙල් පහනක් දල්වා සූනියම් දෙවිඳුට පින් දෙන්න. හැකිනම් වැටකේ මල් පූජා කරන්න. රාහු අපල දුරුවේ.

ඉහත සඳහන් ගයාත්‍රි මන්ත්‍ර 9 භාවිත කරමින් එම ග්‍රහයන්ට අධිපති දෙවියන්ට පුද පූජා තබා පින් අනුමෝදන් කිරීමෙන් ග්‍රහ අපල දුරුවෙන බව පොත පතේ සඳහන් වේ. බෝධි පූජාවක් තබා තමන්ට අපල කරන ග්‍රහයාට පුද පූජා තබා මෙම ගයාත්‍රි මන්ත්‍රය 7 වර, 21 වර හෝ 51 වර කීම යහපත් වේ. එසේ නැතිනම් තම නිවෙසේදී පුද පූජාවන් නැතත් මල් පහන් පුදා තුණුරුවන් වැඳ ඉන්පසු අපල සිදුකරන ග්‍රහයාට හිමි ගයාත්‍රි මන්ත්‍රය කීමද ගුණ ගෙන දේ. එසේ නැතිනම් දිනපතාම උදේ සවස මෙම ගයාත්‍රි මන්ත්‍ර 9ය, 7 වර, 21 වර ගායනා කිරීම ඉතාම යහපත් ප්‍රතිඵල ගෙනදේ. ඒරාෂ්ටක අපල දුරුවීමට නම් නියමිත පුද පූජා තබා පුර පක්ෂයේ දින 7ක් බෝධි පූජාවන් සිදුකර මෙම ගයාත්‍රි මන්ත්‍ර 9ය, 51, හෝ 108 වර මතුරා එම ග්‍රහයන්ට අධිපති දෙවියන්ට පින් අනුමෝදන් කිරීම ඉතාම යහපත් වේ. ගව මස්, උෟරු මස් කෑමෙන් වළකින්න. සතුන්ට හිංසා කිරීමෙන් වළකින්න. උදේ සවස තුණුරුවන් වැඳ යහපත් ලෙස දිවි ගෙවන්න. දෙවියන් විසින් ඔබේ ජීවිතය රැකදේ.

පාරම්පරික යන්ත්‍ර මන්ත්‍රවේදී එච්. විජිත කුමාර සිංදුරගේ කපු මහතා

Previous articleඇස්වහ – කටවහ නිවසේදීම කපන බලවත් කෙම් ක්‍රම ඇස්වහ – කටවහ නිවසේදීම කපන බලවත් කෙම් ක්‍රම.
Next articleගුල්ලන් නොකා සරලව ගුල්ලන් පලවා හරින්න පුලුවන් සුපිරි ක්‍රම 08 ක් මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights