ඔහුගේ මරණය ගැන මින් පෙර අවස්ථා කිහිපයකදීත් ආන්දෝලනාත්මක කතා අහන්නට ලැබුණා..
මේ තරම් ප්‍රසිද්ධ බොලිවුඩ් පුරාවෘත්තයක් වුණු ඔහු ගැන මේ ඇසෙන්නේ මොන වගේ ආරංචියක්ද..?
ඉන්දියාවේ ප්‍රවීන බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර වයස අවුරුදු 89 දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු සුප්‍රකට රංගන ශිල්පීන්වන සනී ඩියෝල් සහ බොබී ඩියෝල් පියා වෙයි.
ඉන්දීය සිනමාවේ කැපී පෙනෙන චරිතයක් වූ ඔහු දශක ගණනාවක් පුරා චිත්‍රපට විශාල සංඛාවකට දායකත්වය ලබා දී තිබෙනවා.
ඔහු ඉන්දීය සිනමාවට කළ මෙහෙය වෙනුවෙන් ඉහළින්ම ඇගයීමට ලක්වූවෙක්.
