රසිකයින් රැසක් සංවේගයට පත් කරමින් ප්‍රවීණ රංගධරයෙක් ජීවිතයෙන් සමුගනී.

රසිකයින් රැසක් සංවේගයට පත් කරමින් ප්‍රවීණ රංගධරයෙක් ජීවිතයෙන් සමුගනී.

මේ කියන්න යන්නේ තවත් එක් රසික ප්‍රජාවක් සංවේගයට පත් කළ පුවතක් ගැන ඇසෙන කතාවක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද..?

සුප්‍රකට කොරියානු නළු ලී සූන් ජේ ගැනයි මේ අවාසනාවන්ත කතාව ඇසෙන්නේ. ඔහු අද අලුයම අභාවප්‍රාප්ත වී ඇති බවට ඔහුගේ පවුලේ අය විසින් පවසා තිබුණා. මිය යන විට ඔහු 91 වැනි වියේ පසුවූ බවයි වාර්තා වෙන්නේ.

1934 දී උපත ලැබූ ලී සූන් ජේ, සෝල් ජාතික විශ්ව විද්‍යාලයේ (Seoul National University) දර්ශන විද්‍යා (Philosophy) අංශයේ උපාධිධාරියෙක් වන අතර, ඔහු කොරියාවේ දීර්ඝතම සේවා කාලයක් සහිතව කලා කටයුතුවල නිරත වූ නළුවෙකු ලෙස සැලකෙනවා. එමෙන්ම කොරියානු විකාශන ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් ලෙසත් ඔහු ප්‍රසිද්ධයි.

ව්‍යාපෘති 100 කට අධික සංඛ්‍යාවකට දායක වූ ඔහුගේ කැපී පෙනෙන නිර්මාණ අතරට “I’ll Become a Man,” “Dongui Bogam,” “See and See Again,” “Three Kim Generation,” “Men of the Bath House,” “Rustic Period,” “Toji, the Land,” “Mom’s Dead Upset,” “What on Earth is Love,” “High Kick!” සහ “Again My Life” ඇතුළු තවත් බොහෝ දෑ වේ.

සෞඛ්‍ය ගැටලු හේතුවෙන් මෑතකදී කලා කටයුතුවලින් විරාමයක් ගැනීමට පෙර, ඔහු “Waiting for Waiting for Godot” නාට්‍යයේ රඟපා ඇති අතර, KBS2 නාලිකාවේ විකාශය වූ “Dog Knows Everything” නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් 2024 KBS නාට්‍ය සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මානයක් දිනා ගැනීමට ඔහු සමත් වුණා.

ලී සූන් ජේගේ වියෝව සම්බන්ධයෙන් ඔහුගේ ආදරණීයයන් මේ වන විට බොහෝ ශෝක පණිවිඩද නිකුත්කර තිබුණා.

World Gossip