මේ උත්සව සමයේ බොහෝමයක් භාවිත කරන බිත්තරයේ මිල ගැන විවිධ කතා ඇසෙද්දී මේ කියන්නේ තවත් එක් කතාවක්.
බිත්තරයක මිල රුපියල් 45ට වඩා වැඩියෙන් අලෙවි කිරීමට බලාපොරොත්තු නොවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක පැවසුවේ, නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටියේ බිත්තරයක් රුපියල් 39ත් 40ත් අතර මිලකට වෙළෙඳපොළට නිකුත් කරන ලෙසටයි.
කුලියාපිටිය ප්‍රදේශයේ ඊයේ (10) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.











