Home සයුරෙන් එහා පුවත් ම.රණයට පවා වෙන්කළ නොහැකි වුණු ඔවුන්ගේ බැඳීම.. වොෂින්ටනයේ කෞතුකාගාරයක නෙතට කඳුළක්...

ම.රණයට පවා වෙන්කළ නොහැකි වුණු ඔවුන්ගේ බැඳීම.. වොෂින්ටනයේ කෞතුකාගාරයක නෙතට කඳුළක් එක්කළ නිර්මාණයක්

0
69

මරණයට පවා වෙන්කළ නොහැකි වුණු ඔවුන්ගේ බැඳීම.. වොෂින්ටනයේ කෞතුකාගාරයක නෙතට කඳුළක් එක්කළ නිර්මාණයක් ගැන ඇසෙන කතාව මෙන්න.

ඇතැමුන් මියගිය පසුවත් බොහෝමයක් මතක අප අතර රැදෙනවා.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් සංවේදී කතාවක්.

ඔවුන් දෙදෙනාගේ ඒ බැඳීම අදටත් මෙන්න මේ වගේ සුරක්ෂිතව පවතිනවා. මේ කතාව අන්න ඒ ගැනයි. ඇය මිය යාමට පෙර ඇයගේ අවසන් ඉල්ලීම වූ ඒ කාරණාව මෙයයි..

ප්‍රකට අමෙරිකානු මානව විද්‍යාඥයෙකු වූ ග්‍රෝවර් ක්‍රාන්ට්ස් (Grover Krantz) ලෝකයට ඉතිරි කර ගියේ ඉතා සංවේදී මෙන්ම අසාමාන්‍ය වූ මතකයක්.

2002 වසරේදී ඔහු අභාවප්‍රාප්ත වීමට පෙර, වොෂින්ටනයේ ස්මිත්සෝනියන් ආයතනයෙන් (Smithsonian Institution) එක් සුවිශේෂී ඉල්ලීමක් කළා.

ක්ලයිඩ් යනු ඔහුගේ හුරතල් බල්ලා පමණක් නොව, ජීවිතයේ සැම තැනකදීම ඔහු පසුපස සිටි සෙවණැල්ල බඳු සමීපතම මිතුරායි. ක්ලයිඩ් යනු අඩි හතක් පමණ උසට වැඩෙන ‘Irish Wolfhound’ වර්ගයේ විශාල බල්ලෙක්.

ග්‍රෝවර් ක්‍රාන්ට්ස් යනු සිය ජීවිත කාලය පුරාම විද්‍යාව වෙනුවෙන් කැප වුණු අයෙක්. විශේෂයෙන්ම “Bigfoot” පිළිබඳ කළ පර්යේෂණ නිසා ඔහු ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුණා. ඔහු ක්ලයිඩ් සමඟ ක්ෂේත්‍ර චාරිකා, පර්යේෂණ සහ දිගු ගමන් බිමන්වල යෙදුණා. ක්‍රාන්ට්ස් වැඩ කරන විට ක්ලයිඩ් ඔහු අසලම නිදාගත්තා.

ඔහුගේ අවසන් කැමැත්ත වූයේ මරණයෙන් පසුවද සිය සිරුර විද්‍යාත්මක අධ්‍යයන කටයුතු සඳහා ප්‍රදර්ශනය කිරීමට ඉඩදීමයි. නමුත් ඔහුට අවශ්‍ය වූයේ මරණයෙන් පසුත් ක්ලයිඩ්ව තමා අසලින්ම තබා ගැනීමටයි.

ස්මිත්සෝනියන් ආයතනය ක්‍රාන්ට්ස්ගේ මෙම සංවේදී ඉල්ලීමට ගරු කළා. අද වන විට වොෂින්ටනයේ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ (National Museum of Natural History) ප්‍රදර්ශනයට තබා ඇති එම දර්ශනය නරඹන්නන්ගේ නෙතට කඳුළක් ගෙන එන දසුනක් වන්නේ අන්න ඒ නිසයි.

එහිදී දක්නට ලැබෙන්නේ ග්‍රෝවර් ක්‍රාන්ට්ස්ගේ සැකිල්ල සිය ආදරණීය ක්ලයිඩ්ව වැළඳගෙන සිටින අයුරුයි. ඔවුන් ජීවත්ව සිටියදී ගත් ඡායාරූපයකට අනුව මෙම සැකිලි දෙක එලෙසම නිර්මාණය කර තිබෙනවා.

මින් ලොවට පසක් වන්නේ මිනිසෙකු සහ සතෙකු අතර පවතින ආදරය මරණයට පවා වෙන් කළ නොහැකි බවයි.

Hiru Gossip

උපුටාගැනීමකි

Previous articleප්‍රේමය නිසා එක් සැනෙකින් ජිවිතයම කණපිට හැරවුණු ඉංජිනේරුවරයෙකු ගැන ඇසෙන කතාව..
Next articleකෝටිපතියෙක් වෙන්න මහා ලොකු දේවල් ඕන නෑ! – ඔබේ පර්ස් එකේ මේ දේවල් අයින් කරලා ප්‍රතිඵල බලන්න. විශ්වයෙන් සල්ලි අදින රහස
error: Content is protected !!
Verified by MonsterInsights