Home සයුරෙන් එහා පුවත් ‘හැමෝම මම වැරදියි කියලා හිතන්නේ මම නිළියක් නිසා වෙන්න ඇති. හැබැයි රඟපෑවේ...

‘හැමෝම මම වැරදියි කියලා හිතන්නේ මම නිළියක් නිසා වෙන්න ඇති. හැබැයි රඟපෑවේ මම නෙවෙයි…” – සංජනා ගමාරච්චි

0
168

මේ දවස්වල සමාජ මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වෙන ජනප්‍රිය චරිත අතරින් කෙනෙක් තමයි, රංගන ශිල්පිනි සංජනා ගමාරච්චි.

”That made me enjoy being single again” මැයෙන් සංජනා සිය සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත එක්කළ ඡායාරූපයක් තමයි මේ කතාබහ ඇති කරන්න හේතු හදලා තිබුණෙ.

ඊට විවිධ අර්ථකතන දෙමින්, සමාජ මාධ්‍යයේ මේ ඡායාරූපය හුවමාරු වෙන්න අරන් තිබුණා.

කොහොම නමුත් සංජනා ඊට ප්‍රතිඋත්තර දෙන්න ගිහින් තිබුණේ නෑ.

මේ කතාවත් එක්කම ඇය තවත් සටහනක් ෆේස්බුක් පිටුවට එක්කර තිබුණා.

ඒ,

”හැමෝම මම වැරදියි කියලා හිතන්නේ මම නිළියක් නිසා වෙන්න ඇති. හැබැයි රඟපෑවේ මම නෙවෙයි උන්!!” යනුවෙන්.

සංජනා කියන්නෙ ඉතාමත් කෙටි කාලයකින්, කවුරුත් අතර කතාබහට ලක්වුණු ආකර්ෂණීය චරිතයක්.

රංගනය, නර්තනය, නිවේදනය විතරක් නෙවෙයි රූපලාවණ්‍ය ක්ෂේත්‍රයෙනුත් ඇය තමන්ට ම ආවේණික වූ ගමනක නියැලෙනවා.

ඒ වගේම කාගෙත් හිත්ගන්න ආකර්ෂණීය රූපයක් ඈ සතුයි.

සංජනා සමාජ මාධ්‍යය තුළත් වඩාත් සක්‍රීය චරිතයක් වන නිසාම, ඇය සමාජ මාධ්‍යයට එක්කරන කවර සටහනකට, ඡායාරූපයකට වුවත් රසික සමූහයා හරි උනන්දුවෙන් ප්‍රතිචාර දක්වනවා.

Previous article“අම්මා ඔය කකුල් දෙකේ හයිය තියන කාලේ…” – රොමේෂ් සුගතපාලගෙන් සංවේදී සටහනක්..
Next articleඇස් මානයේ රැකගන්න බැරිවුණ පුංචි මල් කැකුළක් නොඑන ගමනක් යයි…
error: Content is protected !!
Verified by MonsterInsights