ලොව නිර්භීතම සතා ගනී බැජර් සතු සුපිරි බලයන් 10 මෙන්න.

0
201

ලෝකයේ ඉන්න නිර්භීතම සතා කව්ද කියලා ඇහුවොත් ගොඩක් දෙනෙක් දෙන උත්තරය තමයි , සිංහයා හෝ කොටියා. හැබැයි ඇත්ත තත්වය ඊට හාත්පසින්ම වෙනස්. සිංහයොත් බය, සතෙක් මේ ලෝකේ ඉන්නවා. “ගිනස් ලෝක වාර්තා” පොතට අනුව ලෝකයේ නිර්භීතම සතා වෙන්නේ Honey Badger (හනි බැජර්) කියන පුංචි සතා. හනි බැජර් කියන්නේ නිකන් “ෆුල් ටයිම්” වැඩ කරන සටන්කරුවෙක් වගේ සතෙක්.

🌍 හනි බැජර් ජීවත් වෙන්නේ කොහෙද?

හනි බැජර්ස්ලා ප්‍රධාන වශයෙන්ම ලෝකයේ ප්‍රදේශ දෙකක දකින්න ලැබෙනවා: ඒ අප්‍රිකානු මහාද්වීපයේ , සහරා කාන්තාරයේ ඉඳන් දකුණු අප්‍රිකාව දක්වා බොහෝ ප්‍රදේශවල හා ආසියා මහාද්වීපයේ, ඉන්දියාව, පකිස්ථානය සහ අරාබි අර්ධද්වීපයේ සමහර ප්‍රදේශවල.

හනි බැජර්ස්ලා ඕනෑම තැනකට හැඩගැහෙන්න දක්ෂයි. ඝන කැලෑවල වගේම, රළු කාන්තාරවල සහ වියළි තණබිම් වලත් මුන් ජීවත් වෙනවා. අපි දැන් බලමු හනි බැජර් කියන මේ පුංචි සතා , කොහොමද සිංහයොන්ට පවා අභියෝග කරන්න නිර්භීත වුනේ කියලා.

හනි බැජර් (Honey Badger) ගැන ඔබ මෙතෙක් නොඇසූ පුදුම හිතෙන රහස් 10ක්! 🤯🔥

1. බුද්ධිමත් ආයුධ භාවිතය 🧠

මුන් හරිම බුද්ධිමත්. සත්ව ලෝකයේ ආයුධ පාවිච්චි කරන්නේ චිම්පන්සියෝ, කපුටෝ වගේ සත්තු කිහිප දෙනෙක් විතරයි. හනි බැජර් කියන්නේ ඒ ලැයිස්තුවේ ඉන්න දරුණුම මෙන්ම බුද්ධිමත්ම සතෙක්. පර්යේෂණාගාරයකදී විද්‍යාඥයෝ හනි බැජර් කෙනෙක්ව බිත්ති හතරක් තියෙන කොටුවකට දැම්මා. ඌට එළියට යන්න බැරි වෙන්නයි ඒක හැදුවේ. හැබැයි මූ කළේ මොකක්ද? ඌ කොටුව ඇතුළේ තිබුණු පස් එක තැනකට ගොඩ කරලා ඒක උඩට නැගලා එළියට පැන්නා. විද්‍යාඥයෝ පස් අයින් කළාම, ඌ එතන තිබුණු ලී කෑලි පාවිච්චි කළා. ලී කෑලි අයින් කළාම ඌ එතන තිබුණු රේක්කයක් (Rake) බිත්තියට හේත්තු කරලා ඒකේ ආධාරයෙන් එළියට පැන්නා!

2. ගඳ ගහන බෝම්බ! 🤢

මේක තමයි හනි බැජර්ගේ තියෙන “සංකීර්ණම ආරක්ෂක උපක්‍රමය”. හුඟක් අය හිතන්නේ හනි බැජර් සටන් කරන්නේ නියපොතු වලින් සහ දත් වලින් විතරයි කියලා. හැබැයි මූ ගාව තියෙනවා හතුරෙක්ව “ක්ලාන්ත කරවන්න” පුළුවන් රසායනික අවියක්! 🤢

මුන්ගේ වලිගය පාමුල විශේෂිත ග්‍රන්ථියක් (Anal Pouch) තියෙනවා. මේක ඇතුළේ හරිම සැර, පීඩාකාරී දියරයක් නිපදවෙනවා. මුගටියෙකුගේ (Skunk) ගඳට වඩා මේක වෙනස්. මුගටියා කරන්නේ ගඳ ඉසින එක (Spray). හැබැයි හනි බැජර් කරන්නේ සටනක් මැදදී හෝ අනතුරක් දැනුණම මේ දියරය මුදා හැරීමයි.

මේ ගඳ කොච්චර සැරද කියනවා නම්, ඒක අවට තියෙන වාතය පවා “විස” කරනවා වගේ දැනෙනවා. සිංහයෙක් වගේ සතෙක්ට තියෙන්නේ අපිට වඩා දහස් ගුණයක ඉවක්. ඒ නිසා මේ ගඳ සිංහයෙක්ගේ නහයට වැදුණම උගේ මොළයට දැනෙන්නේ ලොකු පීඩනයක්. ඌට එතන ඉන්න බැරි තරමටම ඒක අප්පිරියා සහගතයි.

3. කුරුල්ලන් සමඟ ඇති “ගිවිසුම” 🤝

මේක තමයි ස්වභාවධර්මයේ තියෙන පට්ටම “Business Partnership” එක! මේක නිකන්ම නිකන් අහම්බයක් නෙවෙයි, පරම්පරා ගණනාවක ඉඳන් පැවතගෙන එන විශ්වාසවන්ත ගිවිසුමක්. ස්වභාවධර්මයේ මේ වගේ සත්තු දෙන්නෙක් එකතු වෙලා වැඩ කරනවට අපි කියන්නේ Mutualism (සහජීවනය) කියලා.

හනිගයිඩ් කුරුල්ලා මී වද තියෙන තැන් හොඳටම දන්නවා. හැබැයි ඌ පුංචි සතෙක් නිසා ඌට බෑ මී මැස්සන්ව පන්නලා, ඒ හයිය මී වදය කඩන්න. හනි බැජර්ට ඕනෑම මී වදයක් කඩන්න පුළුවන් හයිය තියෙනවා. හැබැයි ඌ පොළොව මට්ටමේ ඉන්න සතෙක් නිසා හැම තිස්සෙම මී වද තියෙන රහස් තැන් හොයාගන්න අමාරුයි.

කුරුල්ලා ඇවිත් විශේෂ සද්දයක් (Chattering) දාලා බැජර්ගේ අවධානය ගන්නවා. ඊට පස්සේ කුරුල්ලා ගහෙන් ගහට පියාඹන කොට බැජර් ඌ පස්සෙන් යනවා. මී වදය ළඟට ගියහම බැජර් වැඩේ පටන් ගන්නවා!

හනි බැජර් මී වදය කඩලා, මී පැණි සහ මී මැසි පැටවුන්ව (Larvae) කනවා. ඌ කෑවට පස්සේ ඉතිරි වෙන මී ඉටි (Beeswax) සහ මී වදයේ කෑලි අර කුරුල්ලා කෑමට ගන්නවා. හනිගයිඩ් කියන්නේ ලෝකයේ මී ඉටි දිරවන්න පුළුවන් එන්සයිම තියෙන සත්තු කිහිප දෙනාගෙන් කෙනෙක්.

4. පස්සට දිවීමේ හැකියාව 🏃‍♂️

මේක තමයි හනි බැජර්ගේ තියෙන “අමුතුම” හැකියාව. ගොඩක් සත්තුන්ට පස්සට යන්න පුළුවන් වුණාට, හනි බැජර්ට පුළුවන් ඉස්සරහට දුවන වේගයෙන්ම වගේ පස්සටත් දුවන්න.හනි බැජර්ගේ ශරීරයේ අස්ථි සහ පේශි පද්ධතිය හරිම නම්‍යශීලීයි. විශේෂයෙන්ම උගේ උරහිස් සහ පසුපස කකුල් සම්බන්ධ වෙන විදිහ නිසා මූට එකම වේගයකින් දෙපැත්තටම හැසිරෙන්න පුළුවන්. මේ හැකියාව මූ පාවිච්චි කරන්නේ ප්‍රධාන හේතු 3කට:

හනි බැජර් ජීවත් වෙන්නේ පටු ගුල් ඇතුළේ. ගුලක් ඇතුළේදී සතුරෙක් ආවොත්, ඒක ඇතුළේ කැරකෙන්න ඉඩ නෑ. අන්න ඒ වෙලාවට මූ කරන්නේ “රිවස් එකේ” වේගයෙන් ඇවිත් එළියට පනින එකයි.

ඒ වගේම සිංහයෙක් වගේ ලොකු සතෙක් කන්න පනිනකොට, මූ පස්සට දුවන ගමන් සටන් කරනවා. එතකොට මූ හතුරාට තමන්ගේ පිටුපස පෙන්වන්නේ නෑ. හැමතිස්සෙම මූණ හතුරා දෙසටම හරවාගෙන සටන් කිරීමට පුළුවන් නිසා , ජීවිතය ආරක්ෂා කරගන්න මේක මූට ලොකු උදව්වක් වෙනවා. හනි බැජර්ට පස්සට දුවන ගමන් එකපාරටම පැත්තකට පනින්න පුළුවන්. මේකෙන් හතුරා “කන්ෆියුස්” (Confuse) වෙනවා.

5. සර්ප විෂ විනාශ කරන ලේ 🩸

මේක තමයි හනි බැජර්ගේ තියෙන මහා පුදුම සහගතම “සුපිරි බලය”. සර්පයෙක් මූව කෑවොත් වෙන්නේ, සර්පයාට අන්තිමට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නයි. මොකද සර්ප විෂ මෙයාට වැඩ කරන්නේ නෑ

සර්ප විෂ (විශේෂයෙන්ම නයින් සහ පොළඟුන්ගේ) සාමාන්‍යයෙන් කරන්නේ අපේ රුධිරයේ තියෙන සෛල වලට හෝ ස්නායු පද්ධතියට පහර දීලා ඒවා අඩපණ කරන එකයි. අපේ ඇඟේ ස්නායු පද්ධතියේ තියෙනවා “ප්‍රතිග්‍රාහක” (Receptors) කියලා කොටසක්. සර්ප විෂ ඇවිත් හරියට යතුරක් වගේ මේ ප්‍රතිග්‍රාහක වලට සම්බන්ධ වුණාම තමයි අපි මැරෙන්නේ. හැබැයි හනි බැජර්ගේ මේ ප්‍රතිග්‍රාහක වල හැඩය වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා සර්ප විෂ අණුවලට මූගේ ස්නායු පද්ධතියට ඇතුළු වෙන්න “යතුරක්” හොයාගන්න බැහැ.

හනි බැජර්ගේ රුධිරයේ තියෙනවා විශේෂ එන්සයිම සහ ප්‍රෝටීන වර්ගයක්. ඒවා කරන්නේ සර්ප විෂ ඇඟට ඇතුළු වුණු ගමන් ඒ විෂ අණු කෑලි වලට කඩලා විනාශ කරලා දාන එකයි.

ලෝකයේ දරුණුම සර්පයෙක් වෙන “කෝබ්‍රා” (නයෙක්) හනි බැජර්ව කෑවොත්, හනි බැජර් එකපාරටම මැරුණා වගේ වැටෙනවා. විනාඩි 20ක් හෝ 40ක් මූ සිහිය නැතුව ඉන්නවා. හැබැයි ඒ වෙලාවේදී මූගේ ඇඟ ඇතුළේ අර මම කියපු “රසායනික සටන” දරුණුවටම යනවා. ටික වෙලාවකින් මූ නිකන් නින්දෙන් ඇහැරුණා වගේ නැගිටලා, තමන්ව කාපු සර්පයාවම කෑලි වලට කඩලා කෑමට ගන්නවා! 😲

6. හති වැටෙන්නේ නැති ශක්තිය 💪

සත්ව ලෝකයේ සිංහයා, දිවියා වගේ ගොඩක් දඩයම්කරුවන් කරන්නේ ඉතාමත් වේගයෙන් කෙටි දුරක් දුවලා දඩයම අල්ලගන්න එකයි. හැබැයි ඒ අයට වැඩි වෙලාවක් ඒ ඉහළ වේගය තියාගන්න බැහැ, හති වැටෙනවා.

හැබැයි හනි බැජර් ඊට වඩා වෙනස්: මුන්ගේ සිරුරේ තියෙන ශක්තිය වැය කරන්නේ හරිම අරපිරිමැස්මෙන්. හනි බැජර්ට පුළුවන් එක දිගට පැය ගණනාවක් ලොකු හති වැටීමක් නැතුව දුවන්න හෝ බිම හාරන්න. විද්‍යාඥයන් පවසන විදිහට මුන්ගේ තියෙන මුරණ්ඩු ගතිය නිසා මොළයෙන් “මහන්සියි” කියන පණිවිඩය එන එක පාලනය කරනවා. ගොදුරක් පස්සේ පන්නනවා නම් ඌව අල්ලගන්නකන් හරි, හතුරෙක් එක්ක සටන් කරනවා නම් ඌව පන්නනකන් හරි මූ වැඩේ අත්හරින්නේම නැහැ.

හනි බැජර් දවසකට කිලෝමීටර් 30-40 ක් විතර තමන්ගේ සීමාව ඇතුළේ සැරිසරනවා. ඒක හරියට හැමදාම ජිම් යන කෙනෙක් වගේ හනි බැජර්ව නිතරම Fit එකේ තියනවා.

7. ඝනකම් හිස් කබල 💀

හනි බැජර්ගේ හිස් කබල ගැන කතා කරනකොට ඒක හරියට ස්වභාවධර්මයෙන්ම ලබා දුන්න “ආරක්ෂිත හෙල්මට් එකක්” වගේ. සටනකදී හනි බැජර්ගේ හිසට එල්ල වන ප්‍රබල පහරවල් වලට ඔරොත්තු දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ නිසයි.

හනි බැජර්ගේ හිස් කබල නිර්මාණය වෙලා තියෙන්නේ ඉතාමත් ඝනකම් සහ ශක්තිමත් අස්ථි ස්ථරයකින්. ඒක ලේසියෙන් බිඳෙන්නේ හෝ පිපිරෙන්නේ නැහැ. මුන්ගේ හිස් කබල සහ බෙල්ලේ පේශි එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන විදිහ නිසා, හිසට පහරක් වැදුණම ඒ කම්පනය මුළු ඇඟටම බෙදා හැරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මොළයට වන හානිය හරිම අඩුයි.

හනි බැජර්ට තියෙන්නේ ඉතාමත් කුඩා කන් දෙකක්. සටනකදී හතුරෙක්ට හනි බැජර්ගේ කනෙන් අල්ලලා හිසට හානි කරන්න තියෙන ඉඩකඩ මූ ඒ හරහා අවම කරගෙන තියෙනවා. ඕනෑම දරුණු සටනකදී සතෙක්ගේ දුර්වලම තැන තමයි “හිස”. හිසට එක පහරක් වැදුණොත් ඕනෑම සතෙක් වැටෙනවා. හැබැයි හනි බැජර්ගේ මේ ඝනකම් හිස් කබල නිසා ඌට පුළුවන් හතුරාගේ ප්‍රහාර හමුවේ නොසැලී ඉන්න.

8. නොනවතින කෑම 🐍

හනි බැජර් කියන්නේ හරියට ඇවිදින “කෑම මැෂිමක්” වගේ සතෙක්. මූට කෑම සම්බන්ධයෙන් කිසිම බේදයක් නැහැ. “හම්බවෙන ඕනෑම දෙයක්” කෑමට ගන්න පුළුවන් විදිහට තමයි මූගේ බඩ හැදිලා තියෙන්නේ. හනි බැජර්ගේ ආහාර වේලෙන් 90%ක් විතර මස් (Carnivorous) වුණත්, ඉතිරි 10% පළතුරු සහ මුල් වර්ග වලට වෙන් වෙනවා. නයි, පොළඟුන් විතරක් නෙවෙයි, මාරාන්තික විෂ තියෙන ගෝනුස්සන් පවා මූ කනවා. ගෝනුස්සා වලිගයෙන් විද්දත් මූට ගාණක් නැහැ. අපි කලින් කතා කරපු කැස්බෑවෝ වගේම, ඉත්තෑවෝ (Porcupines) වුණත් මූ දඩයම් කරනවා.

කාන්තාර වල ඉන්නකොට වතුර සපයා ගන්න මූ “වල් කොමඩු” (Wild melons) වගේ දේවල් කනවා. ඒ වගේම පොළොව යට තියෙන අල වර්ගත් මූ හාරලා කනවා.

හනි බැජර් මී පැණි වලට මාරම පෙරේතයි. හැබැයි මූ ඇත්තටම කැමති මී වදය ඇතුළේ ඉන්න මී මැසි පැටවුන්ව (Larvae) කන්නයි.

හනි බැජර් ජීවත් වෙන්නේ ගොඩක් වෙලාවට කෑම හිඟ රළු පරිසර වල. ඒ නිසා මූට තෝර තෝර ඉන්න වෙලාවක් නැහැ. හම්බවෙන ඕනෑම දෙයකින් ශක්තිය ලබාගන්න මූ පුරුදු වෙලා ඉන්නවා.හනි බැජර් කෙනෙක් දවසකට තමන්ගේ ශරීර බරෙන් සෑහෙන ප්‍රමාණයක කෑම කනවා.

9. තනියම සටන් කරන “ලෝන් වුල්ෆ්” 🐺

හනි බැජර්ගේ මේ “තනිකඩ වීරයා” (Lone Wolf) ගතිය තමයි ඌව සත්ව ලෝකයේ ඉන්න අනිත් හැම දඩයම්කරුවෙක්ගෙන්ම වෙනස් කරන්නේ. සිංහයෝ රංචු පිටින් දඩයම් කරනකොට, හයිය පෙන්නන කොට, හනි බැජර් කරන්නේ තනියම මුළු කැලේම තමන්ගේ අණසකට ගන්න එකයි.

හනි බැජර් කෙනෙක් දවසකට විශාල ශක්තියක් වැය කරනවා. ඌ දඩයම් කරන පුංචි සර්පයෙක් හෝ මී වදයක් තව කෙනෙක් එක්ක බෙදාගන්න ගියොත් ඌට මදි වෙනවා. ඒ නිසා තනියම දඩයම් කරලා තනියම බඩ පුරවා ගන්න එක මූට වාසියි.

පිරිමි හනි බැජර් කෙනෙක්ගේ පාලන සීමාව (Territory) වර්ග කිලෝමීටර් 500ක් තරම් විශාල වෙන්න පුළුවන්. මූ මුළු රෑම කරන්නේ මේ සීමාව පුරා ඇවිදිමින් තමන්ගේ ගඳ (Scent) තවරා සීමා ලකුණු කරන එකයි. වෙනත් පිරිමි සතෙක් ආවොත් එතන මාරාන්තික සටනක් සිද්ධ වෙනවා. රංචුවක් නැති නිසා මූට තියෙන්නේ “මම විතරයි” කියන හැඟීම. ඒ නිසා සතුරෙක් ආවම පස්සට වෙන්න රංචුවක් නැති නිසා මූ කරන්නෙම ඉදිරියට ගිහින් පහර දෙන එකයි.

හනි බැජර්ට රංචුවක් නැති වුණාට මූට තියෙනවා අමුතු සද්දයක් (Rattle). සතුරෙක් ආවම මූ ඒ සද්දය දාගෙන, ගඳ බෝම්බය මුදා හරිමින් තනියම පනිනකොට සිංහයෝ පවා හිතන්නේ “මූට මෙච්චර හයියක් තියෙන්නේ මූ මාර සතෙක් වෙන්න ඇති” කියලයි. මූ තමන්ගේ පෙනුමෙන් සහ ශබ්දයෙන් තමන් තනිවම වුණත් ලොකු බලවේගයක් කියලා හතුරට පෙන්වනවා. හරියට නිකන් SF ලාගේ ෆෝ මැන් ටීම් එකක් බැස්සා වගේ

10. කැස්බෑ කටු හපන දත් 🐢

මේක තමයි හනි බැජර්ගේ තියෙන “කෲරතම” ශක්තිය. සත්තු ලෝකයේ ගොඩක් දඩයම්කරුවන් කැස්බෑවෙක් දැක්කම මඟ ඇරලා යනවා, මොකද උගේ කටුව කැඩීම හරිම අමාරු වැඩක් නිසා. හැබැයි හනි බැජර්ට ඒක නිකන් “බිස්කට් එකක් කනවා” වගේ වැඩක්. හනි බැජර්ගේ හකු සම්බන්ධ වෙලා තියෙන විදිහ හරිම සුවිශේෂීයි. උගේ පහළ හකු ඇටය හිස් කබලට සම්බන්ධ වෙලා තියෙන්නේ ඉතාමත් තදින්. මේ නිසා හකු දෙක අතර මාරම “ලීවර බලයක්” (Leverage) නිර්මාණය වෙනවා.

හනි බැජර්ගේ හකු ක්‍රියා කරවන්න හිස දෙපැත්තේ තියෙන පේශි (Masseter muscles) ඉතාමත් විශාලයි. මේ පේශි මඟින් ඇති කරන පීඩනය කොච්චරද කියනවා නම්, කැස්බෑවෙකුගේ සන්නාහයක් වගේ තියෙන කටුවක් වුණත් එක පාරින්ම “කටස්” ගාලා බිඳලා දාන්න පුළුවන්. හනි බැජර්ගේ දත් පිහිටලා තියෙන්නේ ඇටකටු සහ තද දේවල් හපන්න ලේසි වෙන විදිහටයි. ඒ දත්වල එනමල් තට්ටුව හරිම ඝනකම් නිසා ලේසියෙන් කැඩෙන්නේ නැහැ.

කැලේ ඉන්න අනිත් සත්තුන්ට කන්න බැරි දේවල් (තද කටු තියෙන ගෝනුස්සෝ, කැස්බෑවෝ, ඉබ්බෝ) කන්න පුළුවන් නිසා හනි බැජර්ට කවදාවත් කෑම හිඟ වෙන්නේ නැහැ. අනිත් අය අතහැරලා දාන දේ හනි බැජර් තමන්ගේ වාසියට හරවා ගන්නවා.

හනි බැජර් කෙනෙක්ගේ දවස ගෙවෙන්නේ ප්‍රධාන වශයෙන්ම “කෑම හෙවීම” සහ “සටන් කිරීම” කියන දේවල් දෙක මතයි.

මුන් ගොඩක් වෙලාවට නිශාචර (Nocturnal) සත්තු. ඒ කියන්නේ දවල් කාලයේ මුන් කරන්නේ තමන් හාරගත්තු ගුලක් ඇතුළේ හරි, වෙනත් සතෙක් අතහැරලා දාපු ගුලක් ඇතුළේ හරි සුවසේ නිදාගන්න එක. හැබැයි කාලගුණය හොඳ නම් දවල් කාලයේත් මුන් එළියට එනවා. ඉර බැහැගෙන යනකොට තමයි මූ “Active” වෙන්නේ. මූ කරන්නේ හැම තිස්සෙම බිම හාර හාර යන එක. පොළොව යට ඉන්න ගෝනුස්සෝ, මීයෝ සහ පණුවෝ මූට ඉවෙන් අහු වෙනවා. ඒ වගේම මී පැණි මෙහෙයුම් සදහා “හනිගයිඩ්” කුරුල්ලා සද්දයක් දාගෙන එනකොට හනි බැජර් දන්නවා වැඩේ ලෑස්තියි කියලා. ඌ කුරුල්ලා පස්සේ ගිහින් මී වදය කඩනවා.

දින චර්යාව අතරතුර මුන්ගේ පාර හරස් කරන ඕනෑම සතෙක් (ඒක නයෙක් වුණත්, දිවියෙක් වුණත්) සතුරෙක් විදිහටයි මූ දකින්නේ. දවසෙන් වැඩි හරියක් මූ කරන්නේ “කාට හරි ගහන්න” අවස්ථාවක් එනකන් බලන් ඉන්න එක වගේ වැඩක්.

“හනි බැජර් කියන්නේ හරියට සත්තු ලෝකයේ ඉන්න පුංචි ‘යුධ ටැංකියක්’ (Tank) වගේ. ප්‍රමාණය කුඩා වුණත්, නියම තාක්ෂණයයි නොසැලෙන හිතයි තියෙනවා නම් ඕනෑම දැවැන්තයෙක්ව පරද්දන්න පුළුවන් බව මූ අපිට කියලා දෙනවා!”

මේ රහස් 10න් ඔයාව වැඩියෙන්ම පුදුම කළේ මොකක්ද? පහළින් Comment කරන්න! 👇

#HoneyBadgerSecrets #WildlifeFacts #NatureMagic #AmazingAnimals #SriLanka #BrainyFacts #SurvivalMode

Previous article“ආයෙම ලංකාවට ආපු දවසක නැවතත් රංගනයට යොමු වෙනවා…” පුංචි තිරයේ අවිහිංසකාවිය, තිසුරි කලාවෙන් තාවකාලිකව සමුගෙනද..?
Next article“පුතේ, ඔයා තනිවෙලා නැහැ. ඔයා විඳින හැම වේදනාවක්ම මමත් ඔයා එක්කම විඳිනවා.” පුතුගේ හදවත් සැත්කමේ කැළැල් තමන්ගේ පපුවේ සටහන් කරගත් පියෙක් ගැන ඇසෙන සංවේදී කතාවක් මෙන්න..