යුගයක් අතැඟිලි තුඩින් ගීතවත් කළ ඔහු, දිවි ගමනට සමුදෙයි..

0
782
White flag blowing in the wind in front of a clear blue sky

ලොව ප්‍රකට ගිටාර් වාදන ශිල්පියෙකු වන බොබ් වියර් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු රොක් සංගීත කණ්ඩායමක් වන ‘ග්‍රේට්ෆුල් ඩෙඩ්‘ සංගීත කණ්ඩායමේ සම නිර්මාතෘවරයෙකු වන බොබ් වියර් මියයන විට 79 වන වියේ පසුවුණා.

පසුගිය ජූලි මාසයේ සිට ඔහු පිලිකා රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

1965 වසරේ ‘ග්‍රේට්ෆුල් ඩෙඩ්‘ සංගීත කණ්ඩායම ආරම්භ කිරීමට මූලිකත්වය ගත් ඔහු වසර 60කට අධික කාලයක් ගිටාර් වාදකයෙකු සහ ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කළා.

Previous article“එයා හැමදේම දැනගෙන මූණ දෙන්න සූදානම් වෙලා තිබුණා… මට හරි මහන්සියි අම්මෙ කියලා විතරයි කිව්වේ” – හඳුනා නොගත් රෝගයකින් අකාලයේ සමුගත් මිගිහින්වත්තේ පුංචි වෙද නෝනා
Next articleඅනුරපුර වන්දනාව මුන්දලමින් නතර වෙයි.. එකම පවුලේ තිදෙනෙකුට දිවි අහිමි වූ, මාරක අනතුර ගැන ඇසෙන හද සසල කරවන පුවත..