චිත්‍රපට හා ටෙලිනාට්‍ය රැසක කලා අධ්‍යක්ෂවරයකු වූ ලැම්බට් ප්‍රේමතිලක කලාකරුවා අවුරුදු 73 ක් ආයු වළඳා ඊයේ (13) අභාවප්‍රාප්ත වුණා.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “ගිරය”, සුමිත්‍රා පීරිස්ගේ “ගැහැණු ළමයි”, ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ “විරාගය” යන චිත්‍රපටවල සහය කලා අධ්‍යක්ෂවරයා වූ ඔහු ආරියරත්න විතානගේ “ඉරැස්මා”, පුර සක්මන හා ‘පුර හඳ කළුවර ” ආදි නිර්මාණ රැසක කලා අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර තිබුණා.
” ගෙජ්ජි සද්දෙ ” ඇතුළු නාට්‍ය රැසක නිෂ්පාදකවරයා වූ ලැම්බට් ප්‍රේමතිලක, කලා භූෂණ රාජ්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබූ ප්‍රවීණ කලාකරුවෙක්.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික කළමණාකාර සහකාර ටී. දයාසීලි සිල්වාගේ දයාබර ස්වාමි පුරුෂයා වන ඔහු කේ.මංජුල පරිණතගේ පියාණන්.
අභාවප්‍රාප්ත ලැම්බට් ප්‍රේමතිලක කලාකරුවාගේ දේහය දකුණු කළුතර, දූව පංසල පාරේ, කටුකිතුල්කකන්ද නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (15) බ්‍රහස්පතින්දා පස්වරු 4.00 ට පළාතොට, හිමිදිරියාව ආදාහනාගාරයේදී සිදු කෙරේ.











