Home දේශිය පුවත් කැමරාව පසු පස සැඟවුණු නිර්මාණවේදියා, දිවි මඬලට සමුදෙයි..

කැමරාව පසු පස සැඟවුණු නිර්මාණවේදියා, දිවි මඬලට සමුදෙයි..

0
480
White flag blowing in the wind in front of a clear blue sky

චිත්‍රපට හා ටෙලිනාට්‍ය රැසක කලා අධ්‍යක්ෂවරයකු වූ ලැම්බට් ප්‍රේමතිලක කලාකරුවා අවුරුදු 73 ක් ආයු වළඳා ඊයේ (13) අභාවප්‍රාප්ත වුණා.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “ගිරය”, සුමිත්‍රා පීරිස්ගේ “ගැහැණු ළමයි”, ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ “විරාගය” යන චිත්‍රපටවල සහය කලා අධ්‍යක්ෂවරයා වූ ඔහු ආරියරත්න විතානගේ “ඉරැස්මා”, පුර සක්මන හා ‘පුර හඳ කළුවර ” ආදි නිර්මාණ රැසක කලා අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර තිබුණා.

” ගෙජ්ජි සද්දෙ ” ඇතුළු නාට්‍ය රැසක නිෂ්පාදකවරයා වූ ලැම්බට් ප්‍රේමතිලක, කලා භූෂණ රාජ්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබූ ප්‍රවීණ කලාකරුවෙක්.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික කළමණාකාර සහකාර ටී. දයාසීලි සිල්වාගේ දයාබර ස්වාමි පුරුෂයා වන ඔහු කේ.මංජුල පරිණතගේ පියාණන්‍.

අභාවප්‍රාප්ත ලැම්බට් ප්‍රේමතිලක කලාකරුවාගේ දේහය දකුණු කළුතර, දූව පංසල පාරේ, කටුකිතුල්කකන්ද නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (15) බ්‍රහස්පතින්දා පස්වරු 4.00 ට පළාතොට, හිමිදිරියාව ආදාහනාගාරයේදී සිදු කෙරේ.

Previous articleදරුවෝ හදන්නයි බලාගන්නයි බිරිදට රුපියල් කෝටි 30ක පඩියක්… ලොවක් කතාවෙන අමුතු තීරණයක්…
Next articleලෝකෙටම 25යි, ලංකාවටම එකයි… අතිසුඛෝපභෝගී වන්ඩි.යකින් පාරට බැස්ස “අරලිය” කුමාරයාගේ නොකී කතා මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights