Home දේශිය පුවත් “ඒක රටේ ආර්ථිකයම ගොඩදාන මැණිකක් වෙයිද?” – ගලහින් මතු වුණු ටොන් එකේ...

“ඒක රටේ ආර්ථිකයම ගොඩදාන මැණිකක් වෙයිද?” – ගලහින් මතු වුණු ටොන් එකේ නිල් පාෂාණය ගැන හිතා ගන්න බැරි කතාවක්

0
893

 

 

ගලහ ගල්ලන්තැන්න පහළ කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල ආසන්නයේ නාය ගිය ස්ථානයකින් විශාල නිල් පැහැති පාෂණයක් මතුවී තිබෙන අතර එය මැණික් ගලක් බවට ඇතිවූ සැකය මත එම ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යෙදීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

දිට්වා සුළි කුණාටු සමයේ ඇතිවූ නාය යෑමත් සමඟ මෙම ගල උඩ කොටසේ සිට පහළ කොටසට තල්ලු වී පැමිණ තිබෙන බවට සැක කරනවා.

ටොන් එකක පමණ බරක් ඇති මෙම පාෂණය ඊයේ (19) පස්වරුවේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරින් කණ්ඩායමක් පරීක්ෂා කර තිබේ.

අදාළ ස්ථානයේ යම් එළියක් විහිදෙන බවට පැතිර ගිය ප්‍රචාරයක් හේතුවෙන් විශාල ජන පිරිසක් එය නැරඹීමට පැමිණීමත් සමඟ එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදීමට ගලහ පොලීසියේ ස්ථානාධිපතිවරයා පියවර ගෙන තිබුණා.

මෙය පොකුරක් ආකාරයට තිබෙන යම් විශේෂ ගල් වර්ගයක් බවත් එය ස්ථිර ලෙසම මැණික් ගලක් ද යන්න තහවුරු කළ නොහැකි බවත් මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා.

දින කිහිපයක් තුළ නැවත එම අදාළ ස්ථානය මැණික් හා ස්වර්ණභාරණ අධිකාරියේ නිලධාරීන් පරීක්ෂා කිරීමට නියමිත අතර එම පාෂණ සම්බන්ධයෙන් ස්ථිර නිගනමනකට පැමිණෙන තෙක් විශේෂ ආරක්ෂාවක් යෙදීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

Previous articleලෝක ඉතිහාසයේ රන් මිලේ නව පෙරලියක්…රත්තරන් ගන්න ඉන්න අයට ආරංචියක් මෙන්න..
Next articleදෙල්තොටවත්ත හොල්ලමින් නායයෑමකින් මතු වූ අද්භූත නිල් පාෂාණය.. රහස හෙළි කරන්න ජංගම රසායනාගාරයත් දෙල්තොටට..
error: Content is protected !!
Verified by MonsterInsights