Home තරු ගොසිප් ඔයා වෙනුවෙන් ඕනිම වෙලාවක අපි ඉන්නවා.. ඒක මතක තියාගන්න..” මවගේ පැමිණීමෙන් පසු...

ඔයා වෙනුවෙන් ඕනිම වෙලාවක අපි ඉන්නවා.. ඒක මතක තියාගන්න..” මවගේ පැමිණීමෙන් පසු සතුටු වුණු ඇයගේ පුංචි පවුලේ නැවතත් හිස්තැනක්..? වෙන්වගිය දෙවැනි අම්මා ගැන චතූ කියූ ඒ සංවේදී කතාව මෙන්න..

0
1739

මේ කියන්නේ අන්න ඒ වගේ ඇයගේ මුහුණුපොතේ පළවුණු සංවේදී සටහනක් ගැන කතාවක්. චතූ රාජපක්ෂ, ඇය වසර ගණනකට පසු සතුටු වුණ විශේෂ දවසක් ගැන ඇය මුහුණුපොතට සටහනක් එක්කරලා තිබුණා.

ඒ ඇයගේ ආදරණීය අම්මා ගැනයි. ඇය වසර 17කට පස්සේ මේ පුංචි පවුලත් එක්ක එකතු වෙනකොට, ඇයගේ සහෝදරිය නැවතත් විදෙස්ගත වෙලා.

මෙන්න බලන්නකෝ චතූ නැවත වරක් සංවේදී වෙමින් අක්කා වෙනුවෙන් තබා තිබූ ඒ සටහන..

“ජීවිතේ සමහර තීරණ තියෙනවා අපි නොහිතන වෙලාවක අපිට ගන්න වෙන.. මේකත් එහෙම එකක්.අවුරුදු 17කට පස්සේ අම්මා අපි ලගට එනකොට අපේ ගෙදර දෙවෙනි අම්මා රට ගියා.. ලොකු ලොකු බලාපොරොත්තු වලට නෙමේ චූටිම චූටි ලස්සන හීන වලට පණ දෙන්න..
ඔයා වෙනුවෙන් ඕනිම වෙලාවක අපි ඉන්නවා..ඒක මතක තියාගන්න..
ඉක්මනින් ඔයාව බලන්න එන්නම් මං..
බුදු සරණයි අක්කී..
පරිස්සමෙන් ගිහින් එන්න..”

Previous articleගී ලොව අතිශය ජනප්‍රිය ඔහු ජීවන ගමනට සමුදෙයි..
Next articleලංකාවේ ලාබාලතම ඩිප්ලෝමාධාරිණිය අවුරුදු පහෙන් ඩිප්ලෝමාවක් ගත්තු හැටි මෙන්න. මුළු රටම කතා වෙන ඇය ගැන සටහන..
error: Content is protected !!
Verified by MonsterInsights