අත් වල මඩ,කුනු,සිමෙන්ති ගාගෙන අපිව උස් මහත් කරන්න විඳපු දුක් මට තාම මතකයි තාත්තෙ…
කවදාවත් දශමයක්වත් වෙනස් නොවුනු ඒ උතුම් ආදරේට මගෙ තාත්තට ගොඩක් ස්තූතියි🙏
බලන්නකො එයාගෙ මූණෙ තියන ලස්සන ආඩම්බර සතුට🫶😃
ඔව් ඔයාගෙ දුව දැන් ගොඩක් දුර ගිහින්…….
ඒ කාලෙ මාව බයිසිකලේ තියාගෙන Km ගානක් මහන්සිය පෙන්නන්නැතුව ,සිංදු කිය කිය ,මාව හිනා ගස්ස ගස්ස විහිළු කර කර ,පැද්ද මතකයිද තාත්තෙ…🫶
ඔයාගෙ බත් එකේ ,මම ආස කරන එළවළු මාළු මට කවල , ඔයා නිකම් බත් එක කෑව මට මතකයි තාත්තෙ🫶
මම සත්තුන්ට ආස නිසා එක එක ලස්සන සත්තුගෙන් පිරුනු සත්තු වත්තක් ගෙදර හැදුව මට මතකයි තාත්තෙ🫶
මගෙ පස්සෙන් කොල්ලො එද්දි ,උන් එක්ක රංඩු කරගත්ත මට මතයි තාත්තෙ🫶
මම දිහා බලන කොල්ලොන්ට ඔයා දෙන බැල්ම අදටත් මැවිල පේනව😂
වචන වලින් ගලපල නිම කරන්න බැරි ලස්සන මතක ගොඩක් ඔයා මට ඉතුරු කරල තියනවා🥰
මඩ,කුනු,සිමෙන්ති ගාගෙන මාව උස් මහත් කරන්න,ලස්සන ජීවිතයක් දෙන්න මහන්සිවුන,කරගැට පිරුනු අත් දෙකට නිදහසක්,සනීපයක් දෙන්න මම මග බලාගෙන හිටිය🥰
දැන් ඒ අත් දෙකෙන් මම ගිහින් තියන සම්මාන දැක්කම එයාගෙ මූණෙ තියන සතුට 🤗🥰
මගෙ නිර්මාණ රස විඳිනකොට ,මාව TV එකේ දකිනකොට ඔයාගෙ මූණෙ තියන සතුට,ආඩම්බරය 🤗
රෑට TV එක ලඟින් හෙල්ලෙන්නැහැ දැන්😃
මගේ ලඟම,හොඳම ප්‍රේක්ෂකයා දැන් එයා වෙලා…….
ඉස්සර දැන් කියල වෙනසක් නැහැ..දැනටත් මගේ ජීවිතේ පහසු කරන්න,ඔයාට පුළුවන් විදියට මට උදව් වෙනව❤️
ඔයා මම වෙනුවෙන් විඳපු දුක් කන්දරාවට
දැන් සැනසීම,සතුට,විවෙකය,නිදහස දෙන්න මම ඔයත් එක්ක ඉන්නව තාත්තෙ🫶
ඉතින් මේ ඉන්නෙ මගේ නිහඬ වීරයා…ඒ තමයි මගෙ තාත්තා❤️












