Home සයුරෙන් එහා පුවත් සොබාදහමට නොවී අවනත ලොවේ කිසිවක් නැ… ” මියන්මාර භූ කම්පනයේ දුක්බර කතාව...

සොබාදහමට නොවී අවනත ලොවේ කිසිවක් නැ… ” මියන්මාර භූ කම්පනයේ දුක්බර කතාව මෙන්න…

0
181

මියන්මාර් – මැන්ඩලේ ප්‍රදේශයේ හටගත් ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 150ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, තවත් සිය ගණනක් ජනතාව තුවාල ලබා හෝ අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මියගිය පිරිසෙන් 144ක් මියන්මාරයේ ජීවත්වන පිරිස් වන අතර තායිලන්තයේ 6 දෙනෙකු ද එම පිරිසට ඇතුළත්.

රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයෙන් යුතුව සිදුවූ මුල් භූමිකම්පාවෙන් පසු, රික්ටර් මාපකයේ 6.4ක තවත් භූ කම්පනයක් සිදුව තිබුණා.

ඉන් අනතුරුව තවත් පසු කම්පන 07ක් පමණ සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මෙම භූකම්පනයේ ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී තිබූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මේ හේතුවෙන් බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ද ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.

භූ කම්පනයෙන් මියන්මාරයේ මෙන්ම තායිලන්තයේ බැංකොක් අගනුවර ද ගොඩනැගිලි රැසකට හානි සිදුවුණා.

මැන්ඩලේ ප්‍රදේශය එරට සංස්කෘතික සහ ආගමික අගනුවර වන අතර මිලියනයක පමණ ජනතාවක් එහි වාසය කරනවා.

නගරයේ පිහිටි විශාල පාලමක් ද කඩා වැටී ඇති අතර, විදුලිය සහ ජල සැපයුම් මාර්ග ද අවහිර වී තිබෙනවා.

මේ අතර, මෙම භූකම්පනය සිදුවූ ප්‍රදේශය කලක සිට භූකම්පන කලාපයක් පැවති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූපර්යේෂණ අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න ප්‍රකාශ කළා.

Previous articleරැකියාවකට ජීවිතේ සීමා නොකර සූපවේදයක් art එකක් කරගෙන ලෝකය දිනූ මේ චරිත්ගේ කතාව…
Next articleඑයාට ආදරේ කරන අයටයි මේ සුභ ආරංචිය… උදාරිගේ එන්න යන අලුත්ම වැඩේ… ඒක නම් පිස්සුවක්
error: Content is protected !!
Verified by MonsterInsights