අද දවසේ බොහෝ දෙනෙක් කතාබහ කරන මාතෘකාවක් වූයේ මේ යුද නෞකාවේ සිදුවීමයි.
ගාල්ල ප්‍රදේශයේම මොහොතකට නොසන්සුන්. ගාල්ල ප්‍රදේශයේම මොහොතකට නොසන්සුන් කරමින් ඉරාන යුද නෞකාවේ සිටි පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ වුණේ අද උදෑසන කාලයේදී යි. කෙසේ වෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අනාවරණ වී ඇත්තේ මෙන්න මේ වගේ කාරණා කිහිපයක්.
ගාල්ලට නුදුරු මුහුදේදී ඉරාන යුද නෞකාව ගිලි ගිය ස්ථානයේ මළ සිරුරු 80 ක් පමණ සොයා ගත් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසනවා.
එක්සත් ජනපදය ඉන්දියානු සාගරයේ ‘ඉරාන නාවික යාත්‍රාවක්’ ‘ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමූ’ බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් තහවුරුකර සිටියේ.
අද පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහා කළේ, අදාළ අනතුර සම්බන්ධයෙන් අද අලුයම් කාලයේදී ආපදා ඇමතුමක් ලැබුණු බවත්, ඒ අනුව ගුවන් හමුදාව හා ඒකාබද්ධ මෙහෙයුමක් මගින් අනතුරට පත් නෞකාවේ සිටි නාවිකයන් බේරා ගැනීමට කටයුතු කළ බවයි.
ඒ අනුව එහි සිටි නාවිකයන් 32ක් බේරාගෙන ගාල්ල ජාතික රෝහල වෙත ඇතුලත් කළ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.












