Home සයුරෙන් එහා පුවත් විශේෂ සම්මාන උළෙලකදී සම්මාන ද්විත්වය ලබාගත් ඔහු කවුද..?

විශේෂ සම්මාන උළෙලකදී සම්මාන ද්විත්වය ලබාගත් ඔහු කවුද..?

0
273

කාගෙත් අවධානය දිනාගත් සම්මාන උළෙලක් ගැන කතාවක් මේ. ශ්‍රී ලංකාවේ උපත ලද ආ කැපේලා කලාකරු Hachajah (චරිත් පීරිස්) ඇමරිකා එක්සත් ජනපදයේ Los Angeles නගරයේ පැවති A Cappella Video Awards (AVAs) සම්මාන උළෙලේදී සිය Mind Gog ආ කැපේලා සංගීත වීඩියෝව සඳහා සම්මාන දෙකකින් පිදුම් ලැබීය. Best Electronic/Experimental Video සහ Best Indie Video යන කාණ්ඩ දෙක යටතේ ඔහුට මෙම සම්මාන හිමිවීම විශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකේ. Contemporary A Cappella Society (CASA) විසින් වාර්ෂිකව පිරිනමන මෙම සම්මාන මගින් ලෝක පුරා ආ කැපේලා ප්‍රජාව තුළ වීඩියෝ නිෂ්පාදන විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරයි. එමෙන්ම Mind Gog වීඩියෝව තවත් සම්මාන හයකට නිර්දේශ වූ අතර, Outstanding Special/Visual Effects, Outstanding Video Editing, Best Video by a Non-Scholastic Group සහ Best Alternative Video යන කාණ්ඩ තුළ දෙවන ස්ථාන ද දිනා ගැනීමට සමත් විය.

hachajah ලෙස නිර්මාණ කටයුතු කරන චරිත් පීරිස් කොළඹ හැදී වැඩී මේ වන විට Boston නගරයේ ජීවත්වෙයි. ශ්‍රී ලාංකේය රිද්මය, හඬ සහ සංගීතමය හුරුව සම්මිශ්‍ර කරමින් ආ කැපේලා සංගීත නිර්මාණ කිරීම ඔහුගේ විශේෂත්වයයි. ඔහු පසුගිය වසරේ නිකුත් කළ What Lies Within නම් EP ඇල්බමය පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ, එය සාමාන්‍යයෙන් ප්‍රකාශ නොවන හැඟීම් ගවේෂණය කරන නව නිර්මාණ එකතුවක් බවයි. එම ඇල්බමයේ Mind Gog සහ Tan Q නිර්මාණ මගින් මානසික සෞඛ්‍යය සහ චිත්ත කම්පන වැනි අවධානය අඩුවෙන් ලැබෙන මාතෘකා ගැන ගවේෂණය කරන බවද ඔහු පැවසීය. මෙම සම්මාන වලට අමතරව Mind Gog වීඩියෝවට 2025 ඔක්තෝබර් මාසයේ International Music Video Awards උළෙලේදී Best Drama Music Video සම්මානයත්, 2025 දෙසැම්බර් මාසයේ European Music Video Awards උළෙලේදී Best Pop Music Video සම්මානයත් හිමි විය. hachajah මේ වන විටත් නව නිර්මාණ කිහිපයක් මෙම වසර තුළ නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, තෙවැනි EP සංග්‍රහය 2026 අවසානයේ නිකුත් කිරීමටද අපේක්ෂා කරයි.

Previous articleදිවි අහිමි වූවන් ගණන 80ත් පනී..ලොවක් කම්පා කල ඒ සිද්ධිය ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න…
Next article“හැමදාම එකම විදිහට ඉන්නකොට ආදරේ වුණත් පල් වෙනවා..හිටිහැටියේම ඒ දෙන්න කියපු කතාව මොකක්ද ?
error: Content is protected !!
Verified by MonsterInsights