නිර්මාංශ පුද්ගලයන්ට සුදුසු මාංසජනක ආහාරයක් ලෙස සැලකෙන කව්පි රනිල කුලයට අයත් වන විවිධාකාර සෞඛ්‍ය ප්‍රතිලාභවලින් සපිරි ආහාරයකි. ඒ වාගේම ධාන්‍ය වර්ග අතර කව්පිවලට ප්‍රධාන තැනක් හිමිවේ. තැම්බූ කව්පි මෙන්ම වෑංජනයක්, සලාද සහ සුප් ආකාරයට මෙන්ම පිසින ලද බත් සමගද ආහාරයට ගත හැකි කව්පි ග්‍රෑම් 100ක කැලරි 336ක් අඩංගු වේ. ඊට අමතරව රයිබොෆ්ලැවින්, තයමින්, තඹ, කාබෝහයිඩ්රේට, ප්‍රෝටීන්, මේදය, තන්තු, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, ෆොස්ෆරස්, සින්ක්, සෝඩියම්, පොටෑසියම් සහ විටමින් සී යන පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ. එවැනි පෝෂ්‍ය පදාර්ථ රැසක් සහිත කව්පි දිනපතා ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබාගත හැකිය.
පෙනීම වැඩි කරයි. කව්පි ආහාරයට ගැනීමෙන් ඇස්වල පටක ශක්තිමත් වේ. විටමින් “ඒ” අඩංගු නිසා ඇස්වල පෙනීම වැඩි කරන අතර අඩු ආලෝකයක් තුළ පවා හොඳ පෙනීමක් ලබාදීමට එය ඉවහල් වේ. හදවතට ගුණදායකයි. කව්පිවල අඩංගු පොටෑසියම් මගින් හදවතේ කන්කුක වාහිනීවල තත්ත්වය ඉහළ නංවයි. කවුපිවල මේද අඩු ප්‍රමාණයක් අඩංගු වන බැවින් හදවතට බලපාන රෝග වැළැක්වීමට උපකාරී වේ. එමෙන්ම අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමද වළක්වයි. ජීර්ණය පහසු කරයි. කව්පිවල කෙඳි සහ තන්තු අඩංගු වන බැවින් ආහාර ජීර්ණය පහසු කරයි. එයින් මළබද්ධයද වළක්වන අතර බඩවැල් ආශ්‍රිත රෝගාබාධද අවම කරයි. රුධිර පීඩනය අඩු කරයි. පොටෑසියම්වලින් පොහොසත් කව්පි ආහාරයට ගැනීමෙන් රුධිර පීඩන මට්ටම හිතකර මට්ටමක පවත්වාගෙන යෑමට උපකාරී වේ. අධි රුධිර පීඩනය, ආඝාතය වැනි බරපතළ තත්ත්වයන්ට ලක්වීම අවම කරයි.
රක්තහීනතාව වළක්වයි. රතු රුධිර සෛල හෝ රුධිරයේ හිමොග්ලොබින් නොමැතිකම හේතුවෙන් ඇතිවන රක්තහීනතාව වැළැක්වීම සඳහා යකඩවලින් පොහොසත් කව්පි උපකාරී වේ. එමෙන්ම රතු රුධිරාණු සෛල අලුත්වැඩියා කරන ගුණයද කව්පිවල අඩංගු පෝටීන්වල අඩංගු වේ. බර අඩු කරයි. සිරුරේ අනවශ්‍ය බර අඩු කර ගැනීමට කැමති කාටත් කව්පිවලින් ඒ සඳහා ප්‍රයෝජන ගත හැකිය. සීනි මට්ටම පාලනය කරයි. දියවැඩියාව ඇති පුද්ගලයන්ට රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කර ගැනීමට කව්පි ආහාරයට ගත හැකිය. සම, නිය සහ හිසකෙස් වඩවයි. වියපත් වීම පාලනය කරයි. අස්ථි ශක්තිමත් කරයි. මැග්නීසියම්, කැල්සියම්, පොස්පරස්, පොටෑසියම් හා සෝඩියම් යන පදාර්ථ විශාල වශයෙන් අඩංගු වන නිසා අස්ථිවල ශක්තිමත් බව සහ නිරෝගී බව වැඩි කරයි.









