Home සුව අරණ කෑමෙන් පසු සීනි මට්ටම ඉහළ යාම ඇත්තට ම භයානක ද? ඔබ දැනගත...

කෑමෙන් පසු සීනි මට්ටම ඉහළ යාම ඇත්තට ම භයානක ද? ඔබ දැනගත යුතුම සැබෑ වෛද්‍ය විද්‍යාත්මක හෙළිදරව්ව මෙන්න..

0
32

කෑමෙන් පසු සීනි මට්ටම ඉහළ යාම ඇත්තට ම භයානක ද? ඔබ දැනගත යුතුම සැබෑ වෛද්‍ය විද්‍යාත්මක හෙළිදරව්ව මෙන්න..

මේ කියන්න යන්නේ, වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස කතාබහට ලක්වන, ආහාර වේලකට පසු රුධිරයේ සීනි මට්ටම එකවර ඉහළ යාම පිළිබඳව පවතින අනවශ්‍ය බිය සහ එහි සැබෑ තත්ත්වය පිළිබඳවයි.

මෑතකදී කිසිදු අසනීපයක් නැති සාමාන්‍ය නිරෝගී පුද්ගලයන් පවා දවස පුරා රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරන කුඩා උපකරණ ශරීරයේ පැළඳීමට පටන් ගෙන ඇති අතර, තවත් පිරිසක් සුදු පාන් සහ පැස්ටා වැනි පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගැනීම සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා.

රුධිරයට ග්ලුකෝස් එකතු වීමෙන් හෝමෝන අසමතුලිතතාව සහ කුරුළෑ ඇති වන බවට සමාජයේ මතයක් ගොඩනැගී තිබුණද, මෙය සම්පූර්ණයෙන්ම අතිශයෝක්තියට නංවන ලද කතාවක් බව වෛද්‍ය විශේෂඥයන් පවසනවා.

රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්නේ ඇයි?
කාබෝහයිඩ්‍රේට් සහ සීනි බහුල ආහාර ගන්නා විට ඒවා ග්ලුකෝස් බවට හැදී රුධිරයට අවශෝෂණය වීම ස්වාභාවික ක්‍රියාවලියක්. මෙහිදී අගන්‍යාශයෙන් නිකුත් වන ඉන්සියුලින් මගින් සෛලවලට ශක්තිය ලබා දෙන අතර, නිරෝගී පුද්ගලයෙකුගේ රුධිර සීනි මට්ටම ආහාර ගැනීමෙන් පැයකට පසු ඉහළ ගොස් පැය දෙකක් ඇතුළත යළි සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා.

එබැවින් පරිවෘත්තීය ආබාධ නොමැති නිරෝගී අයෙකුට මෙය කෙටි වේලාවකට සිදුවන සාමාන්‍ය ප්‍රතිචාරයක් පමණක් බව විශේෂඥයෝ පෙන්වා දෙනවා.

කාබෝහයිඩ්‍රේට් යනු සමබර ආහාර වේලක අත්‍යවශ්‍ය කොටසක්. දීර්ඝ කාලයක් පිටි කෑමෙන් වැළකී සිටීමෙන් පසු නැවත වරක් කාබෝහයිඩ්‍රේට් බහුල ආහාරයක් ගත් විට, රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් ඉහළ යාමට එය හේතු වෙන්න පුළුවන් වගේම එවැනි ආහාර දැඩි ලෙස සීමා කිරීමෙන් ශරීරයට හිතකර වන හොඳ ආහාර පවා අනවශ්‍ය ලෙස මගහැරී යන්නත් පුළුවන්.

හොඳම දේ වන්නේ ප්‍රෝටීන්, තන්තු බහුල ශාකමය ආහාර සහ සෞඛ්‍ය සම්පන්න මේද අඩංගු සමබර ආහාර වේලක් ලබා ගැනීමත්, කාබෝහයිඩ්‍රේට් බහුල ආහාරයක් ගැනීමට පෙර ප්‍රෝටීන් සහ එළවළු ආහාරයට ගැනීම මගින් සීනි මට්ටම වේගයෙන් ඉහළ යාම පාලනය කර ගැනීමත් බව විශේෂඥයන් අවධාරණය කර තිබෙනවා.

 

Previous articleවම් අත එක්ක වම් පපුව වේදනා දුන්නොත් ඒ හෘදයාබාධයක් ? හෘදයාබාධ අවධානම මසකට කලින් ඔබටත් හදුනා ගන්න විදිහ මෙන්න..
Next article“අක්කාගේ දේහය ලංකාවට යැවීමක් කරන්නේ නෑ, පුතා මේ වෙනකොට සුව වෙමින් ඉන්නවා…” ජපානයේදී මියගිය නයෝමි චෑන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙන ආකාරය ගැන නැගණිය සංවේදීව කළ හෙළිදරව්ව.
error: Content is protected !!
Verified by MonsterInsights