Home දේශිය පුවත් “අක්කාගේ දේහය ලංකාවට යැවීමක් කරන්නේ නෑ, පුතා මේ වෙනකොට සුව වෙමින්...

“අක්කාගේ දේහය ලංකාවට යැවීමක් කරන්නේ නෑ, පුතා මේ වෙනකොට සුව වෙමින් ඉන්නවා…” ජපානයේදී මියගිය නයෝමි චෑන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙන ආකාරය ගැන නැගණිය සංවේදීව කළ හෙළිදරව්ව.

0
38

 

කාගේත් ආදරය දිනාගෙන සිටි නයෝමි චෑන් පසුගියදා හදිසියේම ජීවිතයෙන් සමුගැනීමත් සමඟ ඒ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි සංවේදී කතාබහක් නිර්මාණය වී තිබුණා.

ඉතින් ඇයගේ අවසන් කටයුතු සිදු කෙරෙන ආකාරය සහ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඇයගේ පුංචි පුතුගේ තත්ත්වය පිළිබඳව නයෝමිගේ නැගණිය සිය මුහුණු පොතට වීඩියෝවක් එක් කරලා තියෙනවා..

ඇය එහිදී සඳහන් කර තිබුණේ නයෝමිගේ දේහය ලංකාවට නොගෙනෙන බවත්, එළඹෙන සඳුදා ජපාන චාරිත්‍ර අනුව පවුලේ අයගේ පමණක් සහභාගීත්වයෙන් ජපානයේදී අවසන් කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බවත්ය.

නයෝමිගේ නැගණිය සංවේදීව කළ ඒ අදහස මෙන්න…

“පුතා මේ වෙනකොට සුව වෙමින් ඉන්නවා. එයා ගැන ඊට වඩා විස්තරයක් දැනට කියන්න දැන් නැ . අක්කාගේ අවසන් කටයුතු ජපානයේදී ජපන් චාරිත්‍ර අනුව අයියගේ අනුදැනුම ඇතිව එළඹෙන සඳුදා කරන්න ලෑස්ති කරලා තියෙනවා.

හැබැයි කනගාටුවෙන් වුණත් කියන්න ඕන, ඒ අවස්ථාවට ලාංකික කිසිම කෙනෙකුගේ සහභාගීත්වයක් එයාලා අනුමත කරන්නේ නෑ. ඒක පවුලේ අය විතරක් සහභාගී වෙලා කරනවා. මට මගේ අක්කා වෙනුවෙන් සහභාගී වෙන්න පුළුවන්.

ඔයාලා හැමෝම දෙන ආදරයට ගොඩක් ස්තුතියි. ඔයාලා ඔය දෙන ආදරය අක්කට ඇස් දෙකෙන් දකින්න ලැබුණා නම් එයා ගොඩක් සතුටු වෙයි. අනිත් ප්‍රධානතම දේ තමයි එයාගේ දේහය ලංකාවට යැවීමක් කරන්නේ නෑ. හැබැයි ගෙදර අය ලංකාවේ හත්දවසේ දානය වගේම බණ ලෑස්ති කරලා තියෙනවා.”

 

Previous articleකෑමෙන් පසු සීනි මට්ටම ඉහළ යාම ඇත්තට ම භයානක ද? ඔබ දැනගත යුතුම සැබෑ වෛද්‍ය විද්‍යාත්මක හෙළිදරව්ව මෙන්න..
Next articleවෛද්‍ය විද්‍යාවත් මවිත කළ හෙළ වෙදකමේ හාස්කම! දරු පල නැති කාන්තාවන්ට පිහිටවෙන අරුම පුදුම ශාක දෙක මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights