Home තරු ගොසිප් “කොහොම හීන දකියිද..? කොහොම ලෝකෙකට ආස කරයිද..? ” පුතෙකු නිසා යළි උපන්...

“කොහොම හීන දකියිද..? කොහොම ලෝකෙකට ආස කරයිද..? ” පුතෙකු නිසා යළි උපන් පියෙක් විශේෂ සටහනක් එක්කරයි..

0
487

“පුතෙක් උපන්නා කියන්නේ තාත්තෙකුගේ දෙවෙනි උපතක්” – කෛලාෂ් පුතා වෙනුවෙන් පියෙකුගේ ආදර සටහන

කසුන් කියන්නේ කොහොමත් හොඳ සාහිත්‍යකාරයෙක් කියලා බොහෝ දෙනා කියනවා. ඔහු ලියන සටහන්වලින් ඒ හැකියාව පැහැදිලිවම පෙනෙනවා.

ඒත් සමහර වෙලාවට ඒ සාහිත්‍යකාරයාගේ ඇතුළෙ ඉන්න සැබෑ මනුස්සයා එළියට එන අවස්ථාත් තියෙනවා. ඔහු ලියන සමහර සටහන් ඒකට හොඳ උදාහරණයක්.

පුතෙක් උපන්නා කියන්නෙ ඒ තමයි තාත්තෙක්ගේ දෙවෙනි උපත කියලා මං විශ්වාස කරනවා. කෛලාෂ් පුතා දිහා බලා ඉන්ට වාරයක් වාරයක් ගානෙ අලුතින් උපන්නා වගේ රසාලිප්ත හැඟීමක් මයෙ හෘදය වස්තුවට දැනෙන්නෙ ඒ හන්දා වෙන්ටැති.

ජීවිතේ කියන්නෙ කටු පඳුරු, වැට කඩුලු, බාධක පිරිච්ච ඒ මැද්දෙන් ගලාන යන “සෞන්දර්යාත්මක ගංගාවක්” ය කියල මයෙ පුතා දවසක තේරුං ගනීවි.

ඒ මුකුත්ම තාම කොහෙත්ම නොදැන පුතා පුතාගෙ පුංචිත්තං මනස් විලෙන් දවස ගානෙ මටයි – අම්මටයි සම සමව බෙදන ‘ආදර දහම’ බෝම පිංසාරයි පුතේ.

සංසාරෙ ඇත්තමයි කියල හිතෙන්නෙම එතකොටයි. අපි අපිට මොන තරං නං ආදරෙයි ද ! අපිට අපිව මොන තරං නං ඕනි ද ! අපි අපිට මොන තරං නං ලෝභ ද ! අපි අපිට මොන තරං නං ආස ද ! ආන්නේ හැඟීම තමයි පුතේ මේ ලෝකෙ තියෙන ප්‍රේමණීයම දැනීම.

මං පුංචිම කාලෙ ඉස්කෝලෙදි ‘ලොකු වුණාම කවුද වෙන්නෙ’ ඇහුවහම ‘පොල් කඩන මාමා කෙනෙක්’ කියල කීවලු. ඉන්පස්සෙ අවුරුද්දක් දෙකක් ගෙවිල යද්දි ‘නාමල් උඩුගම වගේ ගායකයෙක්’ කියල කීවලු. තවත් අවුරුද්දක් හමාරක් ගිහිල්ලා ‘රසල් ආනල්ඩ් වගේ ක්‍රිකටර් කෙනෙක්’ කීවලු.

හයෙන් ලුම්බිණියට පා තිබ්බට පස්සෙ ‘වට් ඉස් යුවර් ඇම්බිෂන්’ කියල අහද්දි ‘අයි වෝන්ටු බී ඇන් ඇක්ටර්’ කීවේලු. ඇක්ටරයෙක් කෙසේ වෙතත් ඇට්ටරයෙක් වූ පසුව රාජකීය විද්‍යාලයේදී ‘අනාගතේ ලෝයර් කෙනෙක් වෙන්ටාසයි’ කීවේලු. කොළඹ විශ්ව විද්‍යාලයේ ලෝ ෆැකල්ටියේදී ‘ලොකු වුණාම’ ඩිරෙක්ටර් කෙනෙක් සහ පොත් ලියන්නෙක්’ වෙන්ටෝනෙමයි කියා ගහ පහ දුන්නේලු. කොහොමින් කොහොමහරි මේ වෙද්දි එහෙම්ම වී ඇත්තේ ලු.

මයෙ කෛලාෂ් පුතා මතුදාක කවුරු වෙයිද ? කොහොම හීන දකියිද ? කොහොම ලෝකෙකට ආස කරයිද ? කොහොම මේ ජීවිතේ රස විඳගනියි ද ? ඒං ඒ හැමදේටම දවසක පුතාම කල් කිරියාවෙන් සොඳ උත්තර දේවි. ආං එදාට මේං මේ ලියැවිල්ල පුතාගෙ ඇහැ ගැටුණොත් මේ කාරණේ පපුකඳේ ගැඹුරුම තැනේ හෙමීට සතපවන්ටෝනි. මොකක්ද දන්නවද ,

මං අම්මටත් වඩා පුතාට ආදරෙයි .
අම්මා මටත් වඩා පුතාට ආදරෙයි .
පුතා මේ මුළු ලෝකෙටම ආදරෙයි !

#තාත්තාගේආදරය#කෛලාෂ්පුතා#FatherSonLove#SinhalaStory#FamilyLove

Previous article‘කසුන් සහ මාදවී දෙපළගේ ඉල්ලීමක් මත “මුද්දරස්පළං” පොතේ Logo එක සහ “මහේශාක්‍ය” Publisher logo දෙක වෘත්තීමයව ඇන්දෙ මම.
Next articleතිරයේ විතරක් නොවෙයි… ජීවිතයේත් වීරයෙක්! මව්පිය සෙනෙහස නැති දරුවන්ට අනාගතයක් දුන් සූර්යා”
error: Content is protected !!
Verified by MonsterInsights