Home සයුරෙන් එහා පුවත් තිරයේ විතරක් නොවෙයි… ජීවිතයේත් වීරයෙක්! මව්පිය සෙනෙහස නැති දරුවන්ට අනාගතයක් දුන් සූර්යා”

තිරයේ විතරක් නොවෙයි… ජීවිතයේත් වීරයෙක්! මව්පිය සෙනෙහස නැති දරුවන්ට අනාගතයක් දුන් සූර්යා”

0
631
ඔහු සිනමා තිරයෙන් ඔබ්බට ගිය සැබෑ වීරයෙක්..  මව්පිය සෙනෙහස අහිමිවූ දරුවන්ට ජීවිතය ජයගන්න පාර කියාදුන් සූර්යා..

මනුෂ්‍යත්වය රිදී තිරයට පමණක් සීමා නොවූ සැබෑ වීරයෙකු පිළිබඳ පුවතක් දකුණු ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඔහුගේ “අගරම් පදනම” (Agaram Foundation) අද වෙනකොට ලෝකයේ මේතරම් ජනප්‍රිය වී ඇත්තේ අන්න ඒ නිසයි.දෙමාපිය සෙනෙහස සහ රැකවරණය අහිමිව, ජීවිතය ජය ගැනීමට සටන් කළ අසරණ දරුවන් 50 දෙනෙකුගේ අනාගතය ආලෝකමත් කිරීමට දකුණු ඉන්දියානු සුපිරි නළු සූරියා සමත්ව තිබෙනවා. ඒ ඔහුගේ ‘අගරම් පදනම’ (Agaram Foundation) මගින් ක්‍රියාත්මක කළ සුවිශේෂී ශිෂ්‍යත්ව වැඩපිළිවෙළක් හරහායි.

දැඩි ආර්ථික අපහසුතා මැද වුවද අධ්‍යාපනයට දස්කම් දැක්වූ මෙම දරුවන්ගේ සම්පූර්ණ වෛද්‍ය අධ්‍යාපන වියදම් සූරියා විසින් දරා තිබුණා. වරෙක කිසිදු හව්හරණක් නොමැතිව අසරණව සිටි මෙම දරුවන් අද වන විට සාර්ථකව වෛද්‍ය අධ්‍යාපනය නිම කර සමාජයට සේවය කිරීමට සූදානම් වෛද්‍යවරුන් බවට පත්ව සිටිනවා.මෑතකදී පැවැති උත්සවයකදී අගරම් පදනමේ 15 වසරක සේවය ඇගයීමට ලක් වූ අතර, එහිදී අනාවරණය වූයේ මේ දක්වා එමගින් වෛද්‍යවරුන් 50කට අධික සංඛ්‍යාවක්, සහ ඉංජිනේරුවන් 1,800ක්, වෙනත් වෘත්තිකයන් දහස් ගණනක් බිහි කර ඇති බවයි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සුප්‍රකට නළු සූරියා පවසා සිටියේ, සිනමා තිරයේ ලබන ජයග්‍රහණවලට වඩා මෙවැනි දරුවන්ගේ ජීවිත ජයග්‍රහණය කරවීම තමන්ට මහත් සතුටක් ගෙන දෙන බවයි.

මුදල් සහ ජනප්‍රියත්වය පමණක් නොව, සමාජයට ආලෝකයක් විය හැකි මිනිසුන් ලොවට අවශ්‍යයි. සැබෑ වීරයන් සිටින්නේ රිදී තිරයේ පමණක් නොව, සැබෑ ජීවිතය තුළයි.”

මෙම සත්කාරය ඉන්දියාවේ පමණක් නොව මුළු මහත් ලෝකයේම කලාකරුවන්ට සහ ප්‍රභූවරුන්ට මහඟු ආදර්ශයක් සපයනු ලබන්නේ එහි වන මේ උතුම් පරමාර්ථය නිසායි..

#suriya #agaramfoundation #indian #truehero #inspiration

Previous article“කොහොම හීන දකියිද..? කොහොම ලෝකෙකට ආස කරයිද..? ” පුතෙකු නිසා යළි උපන් පියෙක් විශේෂ සටහනක් එක්කරයි..
Next articleසිරුරේ ශක්තිය ඇති කරවන ස්පර්ශයෙන් වේදනා දුරලන විස්මිත වාත නාශකය ‘වාතභංග’..
error: Content is protected !!
Verified by MonsterInsights