
සුපිරි නිළි රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩාගේ විවාහයෙන් සති කිහිපයකට පසු, රශ්මිකාගේ මව වන සුමන් මන්දනාගේ ආන්දෝලනාත්මක හඬපටයක් සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් පැතිරෙමින් පවතිනවා.
වසර අටකට පෙර සිදුකළ සම්මුඛ සාකච්ඡාවක කොටසක් වන මෙම හඬපටය හරහා රශ්මිකා සහ රක්ෂිත් ෂෙට්ටි අතර පැවති පැරණි සබඳතාවය පිළිබඳ අලුත් කතාබහක් නිර්මාණය කරන්න හේතුවක් වෙලා.
මෙම හඬපටය වසර අටකට පෙර සුමන් මන්දනා කන්නඩ පුවත් නාලිකාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක කොටසක් බවයි වාර්තා වෙන්නේ.
එහිදී ඇය රශ්මිකා සහ රක්ෂිත් ෂෙට්ටිගේ වෙන්වීම පිළිබඳව කරුණු කිහිපයක් අනාවරණය කර ඇති අතර, විවාහ ගිවිස ගැනීමෙන් පසු පවුල් දෙක අතර විවිධ මතභේද සහ තර්ක විතර්ක ඇති වූ බව ඇය පවසනවා.
රක්ෂිත් ඇතැම් අවස්ථාවලදී රශ්මිකාගේ වෘත්තීය තීරණ පාලනය කිරීමට උත්සාහ කළ බවත්, සුළු දේට පවා ප්‍රශ්න ඇති කළ බවත් ඇය චෝදනා කරනවා.
‘ගීතා ගෝවින්දම්’ චිත්‍රපටයේ රංගනය සඳහා අවස්ථාව ලැබුණු අවස්ථාවේදී, විවාහයෙන් පසු රංගනයෙන් ඉවත් වන බවට සමාජ මාධ්‍ය සටහනක් තබන ලෙස රක්ෂිත්ගෙන් බලපෑම් එල්ල වූ බව සුමන් මන්දනා පවසා ඇති බවයි වාර්තා වෙන්නේ..
කිසිදු වරදක් නොමැතිව තමන්ට සමාව අයැදීමට සිදුවූ බවත්, අවසානයේ ඔවුන් දෙදෙනා වෙන්වීම යහපතක් වූ බවත් ඇය එම හඬපටයේ හැඟීම්බරව ප්‍රකාශ කර තිබුණා.











