Home සුව අරණ තුනටිය අමාරුවට ‘හුඹස් මැටි’ වලින් කරන විශ්මිත ප්‍රතිකාරක්..

තුනටිය අමාරුවට ‘හුඹස් මැටි’ වලින් කරන විශ්මිත ප්‍රතිකාරක්..

0
240

කොන්දේ අමාරුවලින් එහෙම නැත්නම් තුනටිය අමාරු වලින් අද බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. ශරීරයට ඔරොත්තු නොදෙන බර එසවීම, වයසට නොගැළපෙන ශාරීරික ව්‍යායාම වගේම එක තැන පැය ගණන් පුටුවකට බරදී රාජකාරි කරන අයත් මෙවැනි රෝග තත්ත්වයන්ට පහසුවෙන් ගොදුරු වෙනවා.

මෙවැනි රෝග තත්වයන් බොහෝ දුරට ඇති වෙන්නේ කොඳු ඇට පෙළේ ස්නායු සිරවීම නිසායි. මේ පිළිබඳව කරන සී.ටී. ස්කෑන් පරීක්ෂණයකදී බොහෝ විට අනාවරණය වෙන්නේ කොඳු ඇට පෙළේ L2, L4 හා L5 ස්නායු හිරවීම නිසා මේ ආකාරයට කොන්දේ අමාරු ඇති වෙන බවයි.

මෙවැනි ස්නායු හිරවීම් වල දී දකින්නට ලැබෙන සුලභ රෝග ලක්ෂණ කිහිපයක් තිබෙනවා. කකුල් හිරිවැටීම, යටිපතුල්වල මඩ ඇලී තිබෙනවා මෙන් දැනීම, කොන්ද දෙපැත්තෙන් විදුලිය දුවන්නාක් මෙන් ඇතිවන ගිනියම් වේදනාව කියන රෝග ලක්ෂණ මෙහිදී දකින්නට පුළුවන්. ඒ වගේම තුනටියේ ඇතිවන වේදනාව දෙපා අතරින් පහළට බහිනවා වගේ දැනෙන්න ගන්නවා.

සාමාන්‍යයෙන් බටහිර වෙදකමේ මෙවැනි රෝග තත්වයන් සඳහා බොහෝවිට සැත්කම් සිදු කරනු ලබනවා. නමුත් අපේ පාරම්පරික වෙදකමේ එන හැටියට කිසිදු සැත්කමක් නොකරම දින 14 ක දී මේ රෝග තත්වය නිට්ටාවටම සුව කළ හැකි ප්‍රතිකාර පන්තියක් තිබෙනවා.

ඒ ප්‍රතිකාර පන්තිය සකසා ගන්නේ මෙහෙමයි. මුලින්ම හුඹස් මැටි පොල් කටු 02 ක් පමණ ගෙන හීනියට කොටාගෙන පෙනේරයෙන් හලා ගන්න.එහෙම හලාගත් හුඹස් මැටි වලට එළ අබ පිටි මේස හැදි 02 ක්, එරඬු තෙල් අරික්කාලක්, සතකුප්පා පිටි මේස හැදි 02 ක්, දේවදාර පිටි මේස හැඳි 02 ක් හොඳින් මිශ්‍ර කර ගන්න. ඉන්පසුව මේ මිශ්‍රණයට උකු පදමට වතුර එකතු කර මැටි හට්ටියකට දමා ළිපේ තබා කකාරා ගන්න.

ඉන් පසුව තුනටියේ වේදනාව තිබෙන ප්‍රදේශය උණු වතුරෙන් තවා ඉහත මිශ්‍රණය ඝනකමට ආලේප කරන්න. ඒ ආලේපයට උඩින් කෙසෙල් දල්ලක් තබා මහත කපු රෙදි පටියකින් ඉණ වටා වෙලන්න. මේ ප්‍රතිකාරය දිනකට පැය 12ක් බැගින් නොකඩවා දින 14 ක් කරන්න. විශේෂයෙන් රාත්‍රී 7.00 සිට උදේ 7.00 දක්වා නම් වඩාත් හොඳයි.

ඊට අමතරව මේ ප්‍රතිකාර පන්තියටම අදාළ වන කෂායකුත් තියෙනවා. ඒ සඳහා සුදු ලූණු, වැල්පෙනල මුල් කලං 6 බැගින් ගෙන වතුර පත අට එකට සිඳුවා උදේ සවස දින 14 ක් පානය කරන්න.

මේ ප්‍රතිකාර සිදු කරන දින 14 ක කාලය තුළ කිලෝ 05 කට වැඩි බරක් ඔසවන්න එපා. අධිකව වෙහෙසීමත්, ව්‍යායාම කිරීමත් අගුණයි. ඒ වගේම පරිප්පු ඇට වර්ග ආහාරයට ගැනීම අගුණයි. මෑ කරල්, වම්බටු ඉතා අගුණයි. ප්‍රතිකාර කරන දිනවල ඇල් දිය නෑම හා ඇඟ සේදීම අගුණයි. උණු දිය නෑම හා ඇඟ සේදීම ගුණයි. ඒ වගේම මේ ප්‍රතිකාර කෙරෙන කාලය තුළ මෙට්ට මත නිදා ගන්න එපා. සමතලා මතුපිටක ලෑල්ලක් මත හෝ බිම නිදාගන්න. දින 14 ක් යද්දී ඔබේ කොන්දේ අමාරුව සුව වෙනවා ඒකාන්තයි.

මූලාශ්‍රය :- මව්බිම (වෙද අතිරේකය)

Previous articleමම ගත්ත කෙල්ලෙක්නෙහ්! මාව අම්මගේ බඩෙන් එළියට ගත්තේ එයාමයි කියලා දැනගත්ත ඒ මොහොත මට කවදාවත් අමතක වෙන්නේ නැහැ…” වසර 27කට පසු දෛවය ලියූ අපූරු හමුවීම..
Next articleපාද වල නහර ගැට ගැසීම නිවසේදීම වළක්වා ගත හැකි හෙළ ඔසු සත්කාරයක් ගැන දැනගමු…
error: Content is protected !!
Verified by MonsterInsights