Home තරු ගොසිප් සුවහසක් ප්‍රේක්ෂක සිත්වල ලැගුම් ගත් ප්‍රතිභාන්විත රංගන ශිල්පිනියක් වූ ඇය ගැන ...

සුවහසක් ප්‍රේක්ෂක සිත්වල ලැගුම් ගත් ප්‍රතිභාන්විත රංගන ශිල්පිනියක් වූ ඇය ගැන වසරකට පසු ඇසෙන සංවේදී පුවත මෙන්න..

0
4410
නික්ම ගියත් මතකයේ රැඳුණු මිනිසුන් අපට ඕනෑ තරම් හමුවෙනවා.

මේ කියන්න යන්නේ ප්‍රතිභාන්විත රංගන ශිල්පිනියක් වුණු ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්.

ශ්‍රී ලාංකේය සිනමා කලාව තුළ සිය රංගන ප්‍රතිභාවෙන් නොමැකෙන සටහන් තැබූ ප්‍රවීණ රංගන ශිල්පිනී අකුශලා සෙල්ලයියා මහත්මිය මෙලොව හැරගොස් අදට වසරක් සපිරෙනවා.

ඇය සිනමා ක්ෂේත්‍රය තුළ රැඳී සිටියේ කෙටි කාලසීමාවක් වුවද, එම කාලය තුළ ඇය රංගනයෙන් දායක වූ නිර්මාණ ප්‍රේක්ෂක හදවත් තුළ තවමත් නොනැසී පවතිනවා.

විශේෂයෙන්ම 80 සහ 90 දශකවල සිනමාවට නැවුම් බවක් එක් කළ ඇය, පසුව සිනමාවෙන් තරමක් දුරස් වී පෞද්ගලික ජීවිතයට මුල්තැන ලබා දුන්නා.

එකළ ඈ රංගනයෙන් දායක වූ තවලම, බඳුරා මල්, රෑ මනමාලී, හිතත් බයෝ වඳත් බයෝ, සූර දූතියෝ ඇය දේශීය සිනමාවට පමණක් නොව, විදෙස් නිර්මාණ සඳහා ද සිය දායකත්වය ලබා දුන් අතර, ඇය රංගනයෙන් දායක වූ “Rampage” නැමැති ඉංග්‍රීසි චිත්‍රපටය ඒ සඳහා කදිම නිදසුනක්.

සුවහසක් ප්‍රේක්ෂකයන් හදවත් රංගනයෙන් මෝහනය කළ ඇය, රිදී තිරය මත තැබූ ඒ අසිරිමත් රංගන රිද්මය සිනමා ඉතිහාසයේ සදාකාලිකව සටහන් වනු ඇතියි.

Previous articleනැකැත් සීට්ටු දෙකක් එයි කියලා බයෙන් හිටපු අයට සුබ පුවතක්! අලුත් අවුරුදු චාරිත්‍ර ගැන ගත් අවසන් තීරණය මෙන්න..
Next articleබදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීමත් තහනම්.. මොකද්ද මේ ඒ ගැන ඇසෙන විශේෂ ආරංචිය..
error: Content is protected !!
Verified by MonsterInsights