Home සයුරෙන් එහා පුවත් ලෝකයක් හඬවමින් අමරණීය සටන්කාමියා සමුගනී! ලෝකයක් කම්පනය කළ ඒ පුවත මෙන්න..

ලෝකයක් හඬවමින් අමරණීය සටන්කාමියා සමුගනී! ලෝකයක් කම්පනය කළ ඒ පුවත මෙන්න..

0
848
ලෝක සිනමා ඉතිහාසයේ අතිශය ජනප්‍රිය ක්‍රියාදාම නළුවෙකු මෙන්ම සටන් කලා ලෝකයේ නොසැලෙන චරිතයක් වූ චක් නොරිස් (Chuck Norris) අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට ඔහු 86 වැනි වියේ පසුවුණා.

කිසිවෙකුට පරාජය කළ නොහැකි “යකඩ මිනිසෙකු” ලෙස ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වූ ඔහුගේ සමුගැනීම හොලිවුඩ් රසිකයන්ට අදහාගත නොහැකි පුවතක් වී තිබෙනවා.

සිනමාවට පිවිසීමට පෙර ඇමරිකානු ගුවන් හමුදාවේ සේවය කළ චක් නොරිස්, පසුව ‘Tang Soo Do’ වැනි සටන් කලාවන්හි කළු පටි හිමිකරුවෙකු සහ ලෝක කරාතේ ශූරයෙකු ලෙස ජාත්‍යන්තරය දිනාගත්තා.

1972 වසරේදී සටන් කලා ලෝකයේ රජු ලෙස සැලකෙන බෲස් ලී (Bruce Lee) සමඟ “Way of the Dragon” චිත්‍රපටයේ ඔහු කළ අතිශය ජනප්‍රිය සටන් ජවනිකාව ඔහු ජාත්‍යන්තර සිනමාවේ තාරකාවක් බවට පත් කළා.

“Missing in Action”, “The Delta Force” වැනි සිනමා පට සහ “Walker, Texas Ranger” වැනි කතා මාලා හරහා ඔහු අතිශය ජනප්‍රිය වුණා. ඔහුගේ අසීමිත ශක්තිය සහ පරාජය කළ නොහැකි බව පාදක කරගනිමින් නිර්මාණය වූ “Chuck Norris Facts” නමින් හැඳින්වුණු විහිළු තහළු (Memes) ලොව පුරා අන්තර්ජාලය තුළ වසර ගණනාවක් තිස්සේ නොමියෙන ජනප්‍රියත්වයක් ලබා තිබුණා.

සැබෑ ජීවිතයේදීත්, තිරය මතදීත් සැබෑ වීරයෙකු වූ චක් නොරිස්ගේ අභාවය සටන් කලා ලෝකයට මෙන්ම ලෝක සිනමාවටත් පියවා ගත නොහැකි දැවැන්ත පාඩුවක්.
Previous articleනව මිල ගණන් දැනගන්න..අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් අඩුවෙයි..
Next articleඒ ආදරය ගැන කොහොම නම් කියන්නද ඉතින්.. පුතාගේ ආදරය ගැන පියුමි අද වෙනස්ම කතාවක් කියයි..
error: Content is protected !!
Verified by MonsterInsights