අනතුර සිදුවන අවස්ථාවේදී යානය තුළ සොල්දාදුවන් 100කට අධික පිරිසක් ගමන් කර ඇති බවයි සඳහන්.
කොලොම්බියාවේ දකුණු ප්‍රදේශයේදී එරට ගුවන් හමුදාවට අයත් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට ගුවන් හමුදාපතිවරයා ප්‍රකාශ කළේ, යානය තුළ යුද හමුදා භටයින් 114 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු සිටි බවයි.
අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳ මෙතෙක් නිශ්චිත වාර්තා ලැබී නැහැ.
සෙබලුන් ප්‍රවාහනය සඳහා භාවිත කරන, අමෙරිකාවේ නිෂ්පාදිත C-130 හර්කියුලිස් වර්ගයේ මෙම යානය පුටුමායෝ පළාතේ පුවර්ටෝ ලෙගුයිසාමෝ නගරය අසලදී මෙලෙස කඩා වැටී තිබුණා.
මෙම අනතුරෙන් සිදුවූ නිල මරණ සංඛ්‍යාව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, මූලික වාර්තා අනුව මියගිය සංඛ්‍යාව 80ක් තරම් ඉහළ අගයක් ගත හැකි බවට සැක කෙරෙන බවයි එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
සහන සේවා කණ්ඩායම් මේ වන විටත් අදාළ ප්‍රදේශයට ළඟා වී ඇති අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.












