Home තරු ගොසිප් මියෝනාගේ රැප් එකට ගල් ගහන්න ප්‍රසිද්ධ ගායිකාවක් වන උපේකා නිර්මාණිත් පෙරමුණට එයි..

මියෝනාගේ රැප් එකට ගල් ගහන්න ප්‍රසිද්ධ ගායිකාවක් වන උපේකා නිර්මාණිත් පෙරමුණට එයි..

0
4272

මියෝනාගේ රැප් එකට ගල් ගහන්න ප්‍රසිද්ධ ගායිකාවක් වන උපේකා නිර්මාණිත් පෙරමුණට එයි..

වර්තමාන නිළියන් අතර ආන්දෝලාත්මක පුවත් මවන චරිතයක් වන්නේ මියෝනාද සිල්වාය.

මියෝනා මේ දිනවල සමාජ මාධ්‍යවල සිරස්තල මවන චරිතයක් බවට පත්ව සිටින්නේ “අපිට ලැජ්ජ නෑ” නම් ගීතයක රැප් කොටසක් ගායනා කිරීම නිසාය.

එයට හොඳ නරක මිශ්‍ර ප්‍රතිචාර ලැබෙද්දී ගායිකාවක් වන උපේකා නිර්මාණිද මියෝනා බයිට් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍යවලට එක් කර තිබෙනවා.

මියෝනාට මේ සම්බන්ධයෙන සමාජ මාධ්‍යවල දරුණු ප්‍රහාර එල්ල වන අතර ප්‍රසිද්ධ ගායිකාවක් විසින් එයට එල්ල කළ පළමු පහර එල්ල වී ඇත්තේ උපේකාගෙනි.

උපේකා එහිදී ස්වර පුහුණුවක් කරන ආකාරයෙන් සැමියාට මියෝනාගෙ රැප් කොටසම භාවිත කරමින් දිව තල්ලේ වදින සේ ගායනය කරන්නැයි පවසන ආකාරය දක්නට ලැබෙනවා.

එසේත් බැරිනම් මූඩියක් තල්ලේ අලවා ගැනීමට සිදුවන බව පවසමින් ඇය සෘජුවම මියෝනා ඉලක්ක කර අපහාසත්මක විනෝදයක් ගොඩනැගීමට උත්සහ කරන බවයි පෙනී යන්නේ.

සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් මියෝනාගේ කටහඬට අපහාසාත්මක ප්‍රතිචාර දක්වන අතර ඇය තල්ලේ මූඩියක් අලවාගෙන සේ කතා කරන බවත් එය පොෂ්බවක් පෙන්වීමට ඇය ගන්නා උත්සහයක් යැයි චෝදනා කරයි.

එහෙත් මෑතකදී මියෝනා තමා කුඩා කාලයේ ගොත ගැසීම නම් ආබාධයෙන් පෙළුණ බවයි සඳහන් කළේ.

ඉතින් ඇයට ඇත්තටම එවැනි ආබාධයක් තිබේ නම් ඇය මෙසේ බුලි කිරීම සාධාරණ නැහැ නේද?

සාමාන්‍ය මිනිසුන් කුමන කතා කීවද සාමාන්තර ක්ෂේත්‍රයක් නියෝජනය කරන තවත් ශිල්පිනියකට එවැනි මඩක් ගැසීමට හා අපහාසාත්මක විවේචනයක් එල්ල නොකර සිටීමට උපේකාට සදාචාරාත්මක යුතුකමක් තිබුණා නේද?

මියෝනා කර ඇත්තේ ඇයට හැකි ප්‍රමාණයෙන් ගායනයක් කිරීමට උත්සහ කිරීම පමණයි. එය වරදක් යැයි අපට නොසිතේ.

කෙසේ වෙතත් උපේකා මියෝනාගේ ආබාධයකට අපහාස කරමින් සමාජ මාධ්‍යවෙත යොමු කර ඇති වීඩියෝවට මේ වන විට මිලියන ගණනින් ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.

උපේකාට සතුටු ඇතැයි අපට සිතේ.

#upekanirmani #mionadesilva #rapper

Previous articleරස්නය නිසා රෑට ජනෙල් ඇරගෙන නිදාගන්නවාද? එහෙනම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න. නැත්තම් ලොකු දෙයක් වෙලයි නවතින්නේ…
Next articleඅවුරුදු 10 දි පි ළි කා ව ක් නිසා රෝහල් ගත වුණ ඇය අවුරුදු 29 දී අභ්‍යවකාශයට යයි..වේදනාව බලය කරගත් දිරිය දියණියගේ කතාව..
error: Content is protected !!
Verified by MonsterInsights