”මගේ ජීවිතේ නෙගටිව් මාර්කටින් කරන්න පුළුවන් ගොඩක් තැන් ආවා. නමුත් නෙගටිව් මාර්කටින් කියන දේ යම් අයෙකුට හොඳ වෙන්න පුළුවන් වගේම තවත් අයෙකුට නරක වෙන්න පුළුවන්. නමුත් මම ගොඩක් වෙලාවට ඉන්නෙ පොසිටිව් මාර්කටින් පැත්තෙ. මට නෙගටිව් මාර්කටින් ඕනි නෑ කියන තැන තමයි මම ඉන්නෙ. ඒ නිසා මම ඒ තැන ඉන්න හරි කැමතියි. මීඩියා කියන දේ කලාකරුවෙකුට හැමවෙලේම අවශ්‍යයි. මොකද මාධ්‍ය කියන්නෙ චරිතයක් හදන්න වගේම චරිතයක් නැති කරන්නත් පුළුවන් තැනක්. හරි පස්සමින් ඒක පාවිච්චි කරන්න ඕනෑ. ලංකාවේ සමාජ මාධ්‍ය කියන පැත්ත ටිකක් දරුණුවටම පාවිච්චි වෙනවා. හොඳ විදියට පාවිච්චි කරනවා නම් ඒක හොඳ තැනක්. මාධ්‍ය කියන දේ කලාකරුවෙකුට හරි වැදගත්”
– සචින් ලියනගේ
උපුටාගැනීම : හදගැස්ම
#ChannelE












