ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක් විශේෂ සටහනක්..
1987 වසරේදී අවාසනාවන්ත රිය අනතුරකින් මෙලොව හැරගිය රමණී බර්තලමියුස්ගේ වියෝවෙන් මේ වන විට වසර 39ක් ගතවී ඇතත්, රමණීගේ පවුලේ සාමාජිකයන් සහ කමල් අතර පවතින සබැඳියාව තවමත් නොබිඳී පවතිනවා.
පසුගියදා කමල් අද්දරආරච්චි සහ ඔහුගේ බිරිඳ අනුරාණි, රමණීගේ මෑණියන් සහ සහෝදරයා සමඟ ඇයගේ සොහොන් කොත වෙත ගොස් තිබුණා. එහිදී ඔවුන් රෝස මල් තැන්පත් කර, පහන් දල්වා ඇය වෙනුවෙන් ගෞරවය සහ ආදරය පුද කළා.
කමල් අද්දරආරච්චි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, කාලය කෙතරම් වේගයෙන් ගලා ගියද, රමණීගේ පවුලේ පිරිස තවමත් තමාට සිය සමීපතමයන් වැනි බවයි. මෙම අවස්ථාවට කමල්ගේ වර්තමාන බිරිඳ වන අනුරාණි ද සහභාගී වීම විශේෂත්වයක් වූ අතර, බොහෝ දෙනා එය අගය කර තිබුණා. ඒ ඇයගේ ඇති මනුෂ්‍යත්වය සහ අවබෝධය නිසාවෙන් කියලා කියන්න පුළුවන්.
“ජීවිතය කියන්නේ මතකයන් සමුදායක්. ඇතැම් මතකයන් වසර ගණනාවක් ගියත් අලුත් වෙලා පේනවා. ඇය ගොස් වසර 39ක් වුණත්, රමණීගේ පවුලේ අය සමඟ තවමත් අප බැඳී සිටින්නේ ඒ උතුම් මනුෂ්‍යත්වය නිසයි.” ඔහු මේ ඡායාරූප පෙළ සමගින් මුහුණුපොතට එක්කර තිබුණේ මෙන්න මෙවැනි සටහනක්..
සිංහල සිනමාවේ සහ ටෙලි නාට්‍ය කලාවේ “සලඹ පූජා” වැනි නිර්මාණ හරහා ජනතා ආදරය දිනාගත් රමණී බර්තලමියුස්, එදා තරුණ පරපුරේ සිහිනයක් බඳු වුණා. කමල් අද්දරආරච්චි විසින් වසර 39කට පසු ඇයව මේ අයුරින් සිහිපත් කිරීම, සැබෑ ආදරය සහ මිත්‍රත්වය කාලයට යටපත් කළ නොහැකි බවට කදිම නිදසුනක් වෙනවා.

















