Home සයුරෙන් එහා පුවත් ලෝක ඉතිහාසයේ ලොකුම චොකලට් මංකොල්ලය! ටොන් 12ක KitKat තොගයක් අතුරුදහන්!

ලෝක ඉතිහාසයේ ලොකුම චොකලට් මංකොල්ලය! ටොන් 12ක KitKat තොගයක් අතුරුදහන්!

0
135

 

පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය දැඩි ලෙස කැලඹීමට පත් කළ අපූරු මෙන්ම විස්මිත පුවතක් යුරෝපයෙන් වාර්තා වුණා. ඒ ලොව පුරා අතිශය ජනප්‍රිය චොකලට් සන්නාමයක් වන KitKat ටොන් 12 ක්, කිලෝග්‍රෑම් 12,000 ක් රැගත් දැවැන්ත කන්ටේනර් රථයක් අභිරහස් ලෙස අතුරුදහන් වීමයි. ඉතිහාසයේ රසකැවිලි ආශ්‍රිතව සිදුවූ දැවැන්තම මංකොල්ලය ලෙස මෙය මේ වන විටත් විදෙස් මාධ්‍ය වාර්තා කර අවසන්!

මෙම දැවැන්ත කන්ටේනර් රථය ඉතාලියේ පිහිටි Nestle කර්මාන්තශාලාවකින් පිටත්ව පෝලන්තය දක්වා ගමන් කරමින් තිබියදී මෙලෙස අතුරුදහන් වී තිබෙනවා. වාර්තා වන අන්දමට එම රථය තුළ KitKat චොකලට් බාර් ඇතුළු විවිධ Nestle නිෂ්පාදන ඒකක 413,000 කට අධික ප්‍රමාණයක් අඩංගුව තිබී ඇති අතර, ඉදිරියේදී පැමිණෙන ඊස්ටර් උත්සව සමය ඉලක්ක කරගෙන මෙම තොගය ප්‍රවාහනය කරමින් තිබී ඇත.

මෙම අනපේක්ෂිත සිදුවීම හේතුවෙන් ඉදිරි ඊස්ටර් උත්සව සමයේදී සමස්ත යුරෝපය පුරාම සැලකිය යුතු මට්ටමේ KitKat නිෂ්පාදන හිඟයක් ඇතිවිය හැකි බවට පාරිභෝගිකයින් වෙත Nestle ආයතනය විසින් මේ වන විටත් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

1935 වසරේදී එක්සත් රාජධානියේදී මුල්වරට Chocolate Crisp යන නමින් KitKat ලෝකයට හඳුන්වා දෙනු ලැබුවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ හැර ලොව පුරා KitKat නිෂ්පාදනය කරන්නේ Nestle ආයතනය විසිනි. ඇමෙරිකාව තුළ එහි නිෂ්පාදන අයිතිය හිමිව ඇත්තේ Hershey සමාගමටයි.

චොකලට් වල අන්තර්ගත වන කොකෝවා ප්‍රමාණය Dark Chocolate සෞඛ්‍යයට හිතකර වන අතර එය සිරුරේ දැවිල්ල අවම කිරීමට උපකාරී වන බව වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු වී තිබෙනවා.

මෙවැනි දැවැන්ත චොකලට් තොගයක් හොරු අරගෙන ගිහින් මොනවා කරන්න ඇතිද

Previous articleඔහුගේ නික්ම යාම දරාගත නොහැකි වූ ඇයට සිදු වූ සංවේදී ඉරණම… මෘදුකාංග ඉංජිනේරු යුවලක් වූ ඔවුන්ට අත්වූ කනගාටුදායක කතාව මෙන්න..
Next articleෆොටෝ ශූට් එකට රෝස පාට කල ඇතින්නිය මාසෙකට පසු මිය ගිහින්… ලොවක් සංවේදී කල ඒ පුවත මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights