Home සයුරෙන් එහා පුවත් ෆොටෝ ශූට් එකට රෝස පාට කල ඇතින්නිය මාසෙකට පසු මිය ගිහින්… ලොවක්...

ෆොටෝ ශූට් එකට රෝස පාට කල ඇතින්නිය මාසෙකට පසු මිය ගිහින්… ලොවක් සංවේදී කල ඒ පුවත මෙන්න..

0
160

 

විදේශීය ඡායාරූප ශිල්පිනියක් විසින් ජායිපූර් නගරයේ සිදුකළ ෆොටෝෂූට් එකක් මතභේදයකට තුඩු දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

ජුලියා බුරුලේවා (Julia Buruleva) නම් ඡායාරූප ශිල්පිනිය මෙම ඡායාරූපගත කිරීම සඳහා පණපිටින් සිටින ඇතින්නියක සම්පූර්ණයෙන් රෝස පැහැයෙන් වර්ණ ගන්වා තිබීම මෙම මතභේදයට හේතුවයි.

රෝස පාට ගෑ ඇගේ පිට උඩ නිරූපන ශිල්පිනියක් නංවා ඡායාරූප ලබා ගෙන ඇති අතර සත්වයා හිංසනයට ලක් වී ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

2025 දෙසැම්බර් මාසයේ මෙම ඡායාරූප ලබා ගෙන ඇති නමුත් තත්ත්වය උත්සන්න වූයේ ඉන් මාසයකට පසු ඇතින්න මරණයට පත් වීමත් සමඟය.

ඇතැම් අය එය කලාත්මක හා නිර්මාණාත්මක අදහසක් ලෙස වර්ණනා කර තිබුණත් සත්ව සුභ සාධන සංගම් හා සත්වවේදීන් මෙයට දැඩි ලෙස විරුද්ධ මත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සඳහා යොදාගෙන ඇත්තේ “Chanchal” නම් ඇතින්නියක බවත් වර්ණ ගැන්වීමට යොදාගෙන ඇත්තේ Holi උත්සවයේ භාවිතා කරන gulal powder නම් වර්ණකයක් බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මෙය සංවිධානය කළ අය මිනිත්තු 10-30ත් අතර කාලයකදී එම වර්ණක සෝදා ඉවත් කර දැමූ බව පවසා තිබෙනවා.

Previous articleලෝක ඉතිහාසයේ ලොකුම චොකලට් මංකොල්ලය! ටොන් 12ක KitKat තොගයක් අතුරුදහන්!
Next articleතමන්ගේ ගීතයක් තමන්ට වඩා හොඳට ගයද්දි මේ තරම් සතුටු වෙන්න හුගාක් අයට බැ.. නව ගායිකාවගේ දක්ෂතාවය ඉදිරියේ යොහානි පෑ නිහතමානිත්වය…
error: Content is protected !!
Verified by MonsterInsights