Home තරු ගොසිප් හදවත් දිනූ සම්මානනීය රංගන ශිල්පියෙක් වූ ඔහුගේ හිත ගන්නේ කවුද ? හැමෝම...

හදවත් දිනූ සම්මානනීය රංගන ශිල්පියෙක් වූ ඔහුගේ හිත ගන්නේ කවුද ? හැමෝම පුදුම කරමින් චතුරංග දුන් උත්තරය මෙන්න.

0
1550

මේ දිනවල පුංචි තිරය හොල්ලන, කාගේත් ආදරය දිනාගත් කඩවසම් රංගන ශිල්පී චතුරංග කොඩිතුවක්කු ගැනයි අද අපේ කතාබහ. රයිගම් ටෙලීස් සම්මාන උලෙළේදී ජනප්‍රියම නළුවා සම්මානය දිනාගත් ඔහු, මේ දිනවල තරුණියන්ගේ සිහින කුමාරයා වෙලා!

චතුරංග කියන්නේ, ආන්දෝලනාත්මක ‘වීදුරුතිර’ ටෙලි නිර්මාණයෙන් සමාජයේ ලොකු කතාබහක් ඇති කළ චරිතයක්. ඔහු කියන විදිහට නම්, ‘වීදුරුතිර’ වගේ නිර්මාණයක් ආයෙ බිහි වෙන්නෙත් නැතිවේවිලු. ඒ වගේම, ‘KNOCK OUT’ එකේ බොක්සිං ක්‍රීඩකයා විදිහටත්, ‘ජහුටා’ එකේ හංසයා විදිහටත් ඔහු මේ දිනවල ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගෙන ඉන්නවා.

ඉතින්, මේ තරම් ජනප්‍රිය චතුරංගට තරුණියන්ගෙන් නම් ගැලවීමක් නැතුව ඇති. අපි ඇහුවා, ආදරයට ඉඩක් තියේද කියලා. ඔහු කිව්වේ, “තරුණියන්ගෙන් විතරක් නෙවෙයි, භේදයක් නැතුව හැමෝගෙන්ම වගේ නොඅඩුව ආදරය ලැබෙනවා. ඒකට මං ගොඩක් සතුටුයි. ආදරයටත් ජීවිතේ ඉඩක් තියෙනවා. නැත්තෙ නැහැ. හරි කෙනෙක් හමුවුණොත් මාත් ආදරය කරාවි. එහෙම නැති වුණොත් ආදරයට කොමාවක් තියලා මං මගේ ඉදිරි වැඩකටයුතු කරගෙන යාවි” කියලා. ඉතින්, චතුරංගගේ හිත දිනාගන්න පුළුවන් වාසනාවන්තිය කවුද කියලා බලන්න අපිත් ආසාවෙන් බලාගෙන ඉන්නවා!

මේ අතරේ, චතුරංග පසුගිය දිනවල ජපානයේ සුන්දරත්වය විඳලා ඇවිත්. අවුරුදු කුමරා කුමරිය තරගයක විනිශ්චය මණ්ඩලයට සහභාගී වෙන්න ලැබුණු ආරාධනයක් නිසා තමයි ඔහුට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. හේමාල් රණසිංහ, දිනක්ෂි ප්‍රියසාද්, තරින්දි ප්‍රනාන්දු වගේ ජනප්‍රිය තරුත් මේ සංචාරයට එක්වෙලා තියෙනවා. ජපානය කියන්නේ ඔහුගේ සිහින රටක්ලු. ඉතින්, ඒ සිහිනය සැබෑ වීම ගැන ඔහු ඉන්නේ ගොඩක් සතුටින්.

Previous articleමගෙ අම්මා ගෙවල්වල වැඩකාරකම් පවා කරලා තියෙනවා මාව හදන්න.” ”අම්මා ශක්තිමත් වෙලා ඒ දවස්වල වැඩ කළේ නැත්නම්, මම හිතන්නෙ නෑ අද මම ජීවත්වෙනවා කියලා..
Next articleකාන්තා යට ඇඳුම්වල මේ අමුතු සාක්කුව තියෙන්නේ ඇයි? බොහෝ දෙනෙක් නොදන්නා රහස මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights